ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ උපසභාපති ලෙස රනිල්ගෙන් ජර්මන් චාන්සලර්ට පැසසුම්

0
967

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමය (IDU) විසින් සංවිධානය කරන ලද “COVID-19 සඳහා වූ ප්‍රතිපත්ති සහ විද්‍යාත්මක ප්‍රතිචාරය” පිළිබඳ සාකච්ඡා කරන ලද සම්මන්ත්‍රණයකට හිටපු අගමැති වරයා සමබන්ධ වුනා.

IDU යනු ඉන්දියාව, ජර්මනිය, එක්සත් ජනපදය, දකුණු කොරියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බ්‍රසීලය ඇතුළු ලොව පුරා ඇති දේශපාලන පක්ෂ එකතුවකි.

2005 වසරේ එහි උප සභාපතිවරයා ලෙස කටයුතු කිරීම හේතුවෙන්, මෙමගින් ශ්‍රී ලංකාවට ලැබිය හැකි ප්‍රතිලාභ මොනවාද යන්න එජාප නායක රනිල් වික්‍රමසිංහ සාකච්චා කර ඇත.

කොවිඩ් – 19 වසංගතයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ගෝලීය නායකත්ව වේදිකාවක් මෙම සංවිධානය විසින් අපට සපයනු ලබන අතර මෙම වෛරසයට එරෙහි සටනේදී අන්තර්ජාතික ප්‍රජාව සමඟ තවදුරටත් සම්බන්ධ වෙමින් වයිරසයෙන් රට මුදවා ගැනීමට අවශ්‍ය අවස්ථාවන්ද එමගින් ලැබෙනු ඇතැයි ඔහු පවසයි.

එසේම පසුගිය 23 වන දා ජර්මන් චාන්සලර්වරිය වෙත සංගමයේ උපසභාපති වරයා ලෙස හිටපු අගමැතිවරයා ජර්මනිය මේ වන විට කොවිඩ් මර්ධනයට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ප්‍රසංශා කර ලිපියක් යවා ඇති අතර සිදු කරන ආක්‍රමණශීලි ක්‍රියාමාර්ග ලෝකයේ අනෙක් රටවලට ආදර්ශයක් බව එතුමා පවසා තිබෙනවා. එසේම නොර්වේ අගමැති වරයාටත් ප්‍රසංශා කර ලිපියක් යවා තිබෙනවා.

එසේම පසුගිය 25 වනදා හින්දු පුවත්පත කල විමසීමකදී එම පුවත්පතට සාකච්චාවක් ලබාදුන් හිටපු අගමැතිවරයා පවසන්නේ ඉන්දියාව සාක් කලාපයේ නායකත්වය ගෙන මේ මොහොතේ කටයුතු කල යුතු බවයි. මේ සකච්ච්වේ වැඩි පුර සාකච්චා කලේ සාක් කලාපයේ රටවල් මේ මොහොතේ කටයුතු කල යුතු ආකාරය පිලිබදවයි.

එසේම ලංකාව පිළිබද විමසීමේදී ඔහු පවසා සිටියේ ලංකාවේ පරීක්ෂණ තවත් උපරිම කල යුතු බවත් වැඩි මිලකට හෝ පරීක්ෂණ උපකරණ මිලට ගැනීම මේ මොහොතේ හැටියට කිසිදු ගැටළුවක් නොවන බවයි. දෙවන තුන්වන රැල්ලක් ඒමට ඉඩ ඇති නිසා ඒවා කිසි සේත්ම අපතේ නොයන බවත් වික්‍රමසිංහ මහතා පැවසුවා.

කෙසේ වෙතත් මැතිවරණයක් පිළිබද විමසු විට ඔහු පවසා ඇත්තේ මැතිවරණයක් පැවැත්වීම අතිශය සැකසහිත බවයි. පැවැත්වුවත් චන්දය ප්‍රකාශ කිරීමට ජනතාව පැමිණෙන්නේ නැති බවද ඔහු පවසනවා. මැතිවරණ ගැන සිතීමට වඩා හැකිතාක් පරීක්ෂණ කිරීම හා වැඩි කිරීම කලයුතු බව හිටපු අගමැති වරයා පවසනවා.

මේ ගෝලීය අර්බුධය ආරම්භ වී ලෝකය පුරා පැතිරීමේ අවධානම වැඩිවූ දින සිට ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති ලංකාවේ ලොව පිළිගත් එකම නායකයා ලෙස ජාත්‍යනතර මාධ්‍ය හා සංවිධාන ලංකාවේ නියෝජිතයා ලෙස සම්බන්ධ කරගන්නේ දැනට කිසිදු රටේ තනතුරක් නොදරන හිටපු අගමැතිවරයා වීමත් විශේෂත්යක් බව විචාරකයන්ගේ අදහසයි.

ජනාධිපති අගමැති විපක්ෂ නායක කතානායක යන කිසිදු රටේ තනතුරක් නොදැරුවත් ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ඉහල පිළිගැනීමක් ඇති ඉදිරි දැක්මක් හා සැලැස්මක් ඇති පුද්ගලයකු ලෙස ලෝකය පිළිගන්නා නමුත් රටේ මිනිසුන්ට මෙවන් නායකයන්ගෙන්ගෙන් ප්‍රයෝජනයක් ගැනීමට තරම් බුද්ධිමත් නැතැයි ඉන්දියානු දේශපාලන විචාරකයකු වන රාඕ පසුගිය දිනකදී පවසා තිබුනා.

හින්දු වෙබ් අඩවියට දුන් සාකච්චාවේ ලිපිය බලන්න ක්ලික් කරන්න

LEAVE A REPLY