ක්‍රීඩාවට යහපතක් කලේ ප්‍රේමදාස හා රාජපක්ෂ ආණ්ඩු පමණයි කියමින් හරින් පිල් මාරුවකට සැරසෙයි

0
395

ක්‍රීඩාව පිළිබඳ වත්මන් ආණ්ඩුවේ නිසි අවධානය යොමුවී නොමැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. ඔහු පවසන්නේ අතීතයේ සිට මේ දක්වා ක්‍රීඩාවේ දියුණුවට කටයුතු කළේ ප්‍රේමදාස සහ රාජපක්ෂ යන ආණ්ඩු පමණක් බවයි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයක් අමතමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මේ බව කියා සිටියේ. එහෙත් මෙවර ලෝක කුසලානයට ගිය කණ්ඩායමේ පගාවට ක්‍රීඩකයෙක් තේරුම් කමිටුව ඇතුලත් කර ඇති බව ඉන්දීය වෙබ් අඩවියක් නම සමග හෙළිකර තිබුනද අද වන තුරු ඇමති වී සිටින මොහු විමසිමක්වත් කර නැ. ඒ මොහු වර්තමාන ක්‍රීඩා ඇමති වැඩ නොදන්නා නිසා විය හැකි.

තවද ක්‍රිකට් ප්‍රධාන විධායකයා දෙරණ නාලිකාවේදී ප්‍රසිද්දියේ පවසා සිටියේ ලෝක කුසලානයට ගිය ක්‍රීඩකයින් දෙතුන් දෙනෙක් නොසුදුසු ක්‍රීඩකයින් බව ලංකාවම දන්නා කාරණයක් බවයි. ඔහු එසේ කීවානම් එය වෙනස් කිරීමට තරම් ඉඩ නොදුන්නේ කවුද?

අනෙක් කාරණයනම් ලංකාවේ ඕනෑම කණ්ඩායමක් අනුමැතිය ලබා ගැනීමට ක්‍රීඩා ඇමතිට යොමු කරන අතර දයාසිරි කොතරම් ක්‍රිකට් ක්‍රීඩාවට කෙනහෙලිකම් කලත් වරක් එසේ කුසල් ජනිත් පිළිබද නැවත සලකා බලන්නයි දන්වා එදින සිට අද දක්වා ජනිත් කණ්ඩායමට අවශ්‍යම ක්‍රීඩකයෙක් ලෙස ඔප්පු කර තිබේ.

එසේ නුසුදුසු ක්‍රීඩකයින් සිටින බව ඇතුලේ නිලධාරීන් පවා දකිද්දී ලෝක කුසලාන කණ්ඩායමට අනුමැතිය දී පසුව මොහු පැවසුවේ මට කණ්ඩායමට ඇගිලි ගැසිය නොහැකි බවත් තේරුවේ තේරුම් කමිටුව බවත්ය. එය එසේනම් පුහුණුකරුවන් එක රැයෙන් ඉවත් කල හරින් තේරුම් කමිටුව සමග තවත් ඉදිරියට යන්නේ අසන්තලා සමග ඩිල් තිබෙන නිසා දැයි මතුවෙන සාධාරණ ප්‍රශ්නයකි.

තත්වය එසේ තිබියදී ක්‍රීඩා ඇමති දුරය දරන මොහුම මොහුගේ පරිපාලනය දුර්වල බවත් රාජපක්ෂ හා ප්‍රේමදාස ආණ්ඩු හොද බවත් කීම මොහුගේ බුද්දියේ තරම සිතාගත හැකි. කොරහක් මෙන් බ්රේක් නැති කටක් පමණක් ඇති වැඩක් සිතාමතා කල නොහැකි මෙම ළදරු දේශපාලකයා ජනප්‍රිය කම හා පෙනුම නිසා ලංකාවේ පාලකයෙක් වී සිටි.

මෙවන් පෙනුම ඇති පුද්ගලයන් සුදුසු වන්නේ රට පාලනයට නොව චිත්‍රපට වලට හෝ මොඩලින් වලටයි. නැතිනම් අවුරුදු උත්සව වැනි ගමේ උත්සව වල නිවේදනයට ඉතාමත් ගැලපෙන කටක් ඇත. මොහු වසර 5 ක් දැරු ඇමතිකමෙන් කැපිපෙනෙන කිසිදු කාර්යක් බදුල්ල දිස්ත්‍රික්කයට හෝ රටට කර නැති අතර ඔහුගේ පාක්ෂිකයින්ද සිටින්නේ පලාතට එන තුරයි.

විදේශ සේවා ඩිජිටල් ක්‍රීඩා යන ප්‍රභල ඇමතිකම් දරු මොහු වසර 5 තුල රටට දැනෙන ලබ්බක් කර නැති අතර මොහු වරක අයවැය විවාදයක පැවසුවේ බිලියන ගානක් වැඩ කරන්නට දුන් මුදල් වසර අවසානයේ ඉතිරිකර නැවත මුදල් අමාත්‍යංශයට යැවූ බවයි.

එය කිවේ වීරයෙක් මෙනි. එහෙත් මෝඩ කම එයින් පෙනෙන්නේ ජනතාවට සේවය කරන්න අලුත් ව්‍යාපෘති හෝ නිර්මාණය කර පලදායිව වියදම් කරන්නට දුන් මුදල් මොහු ඉතිරි කර නැවත යැව්වානම් මොහු තරම් වැඩබැරි මෝඩයෙක් රටේ පාලකයෙක් වී කුමටද යන්නයි.

දැන් අලුත්ම ව්‍යාපෘතිය කටින් වසර 5 ක් බතල හිටවූ නිසා වෙන පිලක වෙන හාදයකුගේ මුණ පෙන්නා අලුත් මාතෘකාවකින් කට වාචාල කමෙන් ගියවර මෙන්ම මැතිවරණය ජයගෙන ඉතිරි වසර 5 ද ගෙදරට වී බුදියාගනිමටයි. එයට මෙවර විකල්ප කිහිපයක් මොහු තෝරාගෙන ඇති බවයි මොහුගේ හිතවතුන් පවසන්නේ.

ඒ අනුව මොහු ඉදිරි මාස කිහිපය තුල මොහු වසර 5 ක් ඇමතිදුරයක් නොදැරූ බබෙකු මෙන් පිල් මාරුවක් දමා කටෙන් නැවත බතල හිටවීමට සුදානම් බවත් මොහුගේ මිතුරා දයාසිරිට මෙන්ම ඉරණමක් මොහු විසින්ම නිර්මාණය කරගනිමින් සිටින බවත් මොහුට සමීප පුද්ගලයන් පවසා සිටි. මෙවන් පුද්ගලයින්ට රටේ ජනතාව වසර 71 ක් රැවටී ඇති අතර තව වසර 71 කුත් ඉදිරියට රැවටීම පුදුමයකුත් නොවේ.

LEAVE A REPLY