2020 දී කොළඹ ට්‍රැෆික් නැති කරන්න ජපානෙත් එක්ක එකතුවෙලා මාලබේ ඉදන් කොටුවට කණු උඩ හදන්න යන සැහැල්ලු දුම්රිය පද්ධතිය

0
964

මාලබේ සිට පිටකොටුව දක්වා දිවෙන සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යන වාර්තාව ජයිකා ආයතනයේ ශ‍්‍රී ලංකා ප‍්‍රධානී ෆුසාටෝ ටනාකා මහතා විසින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත අද භාරදෙනු ලැබුවා.

සමස්ත ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 1700 ක් වැය කිරීමට නියමිතයි. එම මුදල ජයිකා ආයතනය විසින් 0.1% ක සහන පොලි ණයක් ලෙස පිරිනමනවා. ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීම ආරම්භ වී තිබෙනවා. 2019 වසරේ විස්තරාත්මක සැලසුම නිමකර 2020 දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරිමට නියමිතයි. 2024 දී ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සිදුවනවා.

ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යන වාර්තාව පිළිගැන්විමට සමගාමීව සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතියේ නිල වෙබ් අඩවිය (www.clr.lk) ජනගත කිරීමද අමාත්‍යවරයා හා ජයිකා ශ‍්‍රී ලංකා ප‍්‍රධානී අතින් සිදු කෙරුණා. මෙම වෙබ් අඩවිය මගින් සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතියේ සියලූම තොරතුරු ජනතාව වෙත ලබා ගත හැකි වනවා.

එහිදී අදහස් දැක්වූ මහනගර අමාත්‍යවරයා – “අද දින අපට විශේෂ දිනයක් වනවා. මෙම සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධව. යම් ව්‍යාපෘතියක් සාර්ථක වීමට නම් විධිමත් ශක්‍යතා අධ්‍යනයක්, විධිමත් පරිසර අධ්‍යනයක්, විධිමත් සමාජ අධ්‍යනයක් හා විධිමත් මූල්‍ය අධ්‍යනයක් අවශ්‍යයි.

අතීතයේ අපි කරපු හුඟක් ව්‍යාපෘති විධිමත් මූල්‍ය අධ්‍යනයකින් තොරව සිදු කළ නිසා ඒවා ණය බර බවට පරිවර්ථනය උනා. නමුත් මෙම ශක්‍යතා අධ්‍යනයෙන් අපට පෙනී ගොස් තිබෙනවා මෙය රට ණය කරන ව්‍යාපෘතියක් නෙමෙයි රට උද්දීපනය කරන ව්‍යාපෘතියක් බවට පත් වෙන බව.

මෙය අපට අලූත් අත්දැකීමක් වනවා. විශේෂයෙන්ම 1860 මෙරටට දුම්රිය සේවය හඳුන්වා දුන්නට පස්සේ ඇතිවන අලූත් අත්දැකීමක් මෙය. ජපාන රජයට අප ස්තූතිවන්ත වෙනවා අපගේ මිත‍්‍ර රටක් හැටියට පසුගිය දශක කිහිපය තුළ මෙරට දියුණුව සඳහා අවංකවම අතහිත දීම පිළිබඳව.

ජපන් රජය විසින් ඩොලර් බිලියන 1.7 ක් වැනි විශාල මුදලක් ලබාදීම ගැන අපි විශේෂ ස්තූතිය ඔවුන් වෙත පිරිනමනවා. මෙයට සමාන්තරව සැහැල්ලූ දුම්රිය මාර්ග තුනක් පිළිබඳව හැදෑරීම් කටයුතු සිදු කරනවා. එම ව්‍යාපෘති කටයුතු රජය සහ පුද්ගලික අංශයේ ඒකාබද්ධයෙන් මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. ලබන වසර මුල වන විට කි‍්‍රයාත්මක තත්වයට ගෙන ඒමට කටයුතු කරනවා“ යයි පැවසුවා.

LEAVE A REPLY