හරින්ගේ දැඩි බලපෑම මත හතුරුසිංහ ඉවත් කර ච්චිගේ මාමණ්ඩිට ක්‍රිකට් කණ්ඩායම බාර දෙයි

0
601

නවසීලන්තය සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිළේ තාවකාලික පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ලී ජයරත්න පත් කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වූ ජෙරම් ලී ජයරත්න පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළා.

ඉන්පසුව පුහුණුකරණය ආරම්භ කළ ජෙරම් ලී ජයරත්න මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින අයි.සී.සී සිවුවෙනි මට්ටම (Level 4 qualified) සමත් වූ පුහුණුකරුවෙකි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ පසුගිය දින අතගත් ඔහුගේ දීර්ඝ කාලීන පෙම්වතිය වූ ටටියානා ලී ජයරත්න ජෙරම් ලී ජයරත්නගේ එකම දියණියයි.

මේ සිදුවීමත් සමග සමාජ ජාලා වල උපහාසයට ලක්වන කාරණයක් ලෙස වර්ධනය වෙමින් තිබෙන්නේ රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩයන්ට මෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ටද අනාගතයේ යම් අනතුරුවලට මුහුණ දීමට සිදුවේවිද යන කාරණයත් සමගයි. කෙසේ වෙතත් මහින්දගේ බාල පුත් රෝහිත ක්‍රිකට් ක්‍රීඩාව කල නොකළ අතර ඔහු රගර් ක්‍රීඩකයෙක් වේ.

කෙසේ වෙතත් හිටපු පුහුණුකරු චන්දිකගේ ප්‍රතිචාරය තවමත් වාර්තා වන්නේ නැති අතර ඔහු වහාම ඉවත් කරන ලෙස ක්‍රීඩා ඇමතිවරයා දැනුම් දුන්නත් අල්ලස් චෝදනා පවා ඇති අසන්ත මැල් නමැති පුද්ගලයාගේ තේරුම් කමිටුව එසේ අස් කරවීමට තරම් ක්‍රීඩා ඇමති පසුබට වී සිටීම පසුපස අදිසි කාරණයක් ඇතැයි විචාරකයන්ගේ අදහසයි.

LEAVE A REPLY