හතුරු එලවන්න වලිකන හරින් උද්දච්ච අසන්ත මැල්ට තේරුම් කමිටුව තව වසරක් බාරදෙයි

0
464

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ යම් යම් වෙනස්කම් කිහිපයක් (5) දිනයේ දී සිදුකර තිබේ. ඒ අනුව මීට පෙර පැවති තේරීම් කමිටුවේ සාමාජිකයින්ව සිටි බ්‍රෙන්ඩන් කුරුප්පු හා හේමන්ත වික්‍රමරත්න යන මහත්වරුන් ඉවත් කොට නව තේරීම් කමිටුවේ කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.

ග්‍රැහැම් ලැබ්රෝයි ඉවත් කරමින් පසුගිය වසරේ නොවැම්බර් 5 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස අසන්ත ද මෙල් ඇතුළු සාමාජිකයින් සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායම වැඩ කටයුතු සිදු කරන ලදි.

ඒ අනුව අසන්ත ද මෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස තවත් වසරක කාලයක් සඳහා පත්වීම් ලබාගෙන තිබෙන අතර මීට පෙර පැවති තේරීම් කමිටුවේ සාමාජිකයින් වූ චමින්ද මෙන්ඩිස් ද නව තේරීම් කමිටුව සඳහා ඇතුළත් කොට ඇත.

සාමාජිකයින් සිව්දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා මින් පෙර සිටි තේරීම් කමිටුවට ඇතුලත්ව නොසිටි සාමාජිකයෙක් වන විනෝතන් ජෝන් අලුතින් පත් කර තිබේ.

කෙසේ නමුත් පෙර පැවති තේරීම් කමිටුවේ සාමාජිකයින් වූ බ්‍රෙන්ඩන් කුරුප්පු හා හේමන්ත වික්‍රමරත්න යන දෙදෙනාගෙන් අයෙක් පිළිබඳව සලකා බැලීමට නියමිත බව ගරු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු (5) පැවති මාධ්‍ය හමුවක දී පවසන ලදි.

කෙසේවෙතත් ලෝක කුසලාන කණ්ඩායමට අල්ලස් ගෙන ක්‍රීඩකයන් ඇතුලත් කළා යන චෝදනාව සාක්ෂි සමග ඉන්දීය වෙබ් අඩවියක් හෙලිකල අතර එයට වගකිව යුත්තේ අසන්ත මෙල් නැමැත්තා ඇතුළු කණ්ඩායම වන අතර එහෙත් හරින් ඔවුන් නැවත පත්කර තිබෙනවා. එසේම චන්දික හතුරුසිංහගේ ගිවිසුම අවලංගු කළහොත් කෝටි ගානක වන්දියක් ගෙවීමට සිදුවන අතර එසේ දරුණු බාදකයක් තිබියදී ක්‍රීඩා ඇමති කිසිදු බියක් නොමැතිව ඔහු ඉවත් කරන්න විශාල බලපෑමක් විරොදයක් දක්වමින් සිටි.

චන්දික එක පයින් එලවන්න මුලිකත්වය ගෙන ඇති හරින් ක්‍රිකට් විධායකයා පවා පිළිගත් ලෝක කුසලානයට නුසුදුසු කණ්ඩායමක් තෙරු උද්දච්ච තේරුම් ප්‍රධානියා ඇතුළු නඩයට තව වසරක දීර්ග කිරීමක් සහිතව හුරතල් කරමින් සිටින්නේ ක්‍රීඩා ඇමතිගේ පුත්‍රයෙක් නිතරම කණ්ඩායමේ සංචිත වලට ඇතුලත් කරන නිසාදැයි ප්‍රශ්නයක් මතුවෙයි.

අතිවිශාල සල්ලි කන්දරාවක් ලැබුන ලෝක කුසලාන තරගාවලියේ අල්ලසට ක්‍රීඩකයින් ඇතුලත් කලායයි චෝදනා හා නුසුදුසු කිහිපදෙනෙක් නම් කලා යයි එළිපිට චෝදනා හා සාමාන්‍ය මිනිසුන්ට පෙනෙන්නට තිබියදී ඔවුන්ට තවත් වරප්‍රසාද හා තනතුරු ලබා දෙන රටේ ක්‍රීඩා ඇමති අනෙක් අන්තයෙන් පුහුණුකරු ඉවත් කිරීමට දැඩි ස්ථාවරයක සිටි. එක එක අයට එක එක හැන්දෙන් බෙදීමට හා කටින් බතල හිටවන්න ලංකාවේ අතිශය ප්‍රසිද්ධ මේ ඇමතිගේ උද්දච්ච මැල් සමග ඇති ඥාතිකම තවමත් රහසකි.

“තවත් වසරක කාලයක් සඳහා අද අපි අලුතින් තේරීම් කමිටුවක් තෝරාගත්තා. අසන්ත ද මෙල් මහතා එහි ප්‍රධානියා, ඒ වගේම ඔහු තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු, චමින්ද මෙන්ඩිස්ගේ කොන්ත්‍රාත්තුව නැවතත් දීර්ඝ කළා. විනොතන් ජෝන් මහත්මයාව අපි අලුතෙන් ගෙනාවා තේරීම් කමිටුවට. කලින් හිටපු තේරීම් කමිටුවේ හිටපු අයගෙන් එක නමක් අපි තාම දැම්මේ නැහැ .” යැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

LEAVE A REPLY