හතුරුසිංහ පුහුණුකාර දුරයෙන් ඉවත් කිරීමට කණ්ඩායමේ විරෝධය දක්වලා

0
453

ලෝක කුසලාන තරග මාලාවේ ලැබූ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය ඉවත් කර දැමීමට සුදානම් බව ක්‍රීඩා ඇමති හරින් ලිපියකින් දන්වා තිබෙනවා. නමුත් හිටපු ජෙෂ්ටයින් පවසන්නේ කණ්ඩායමට අනුමැතිය දුන් ඇමතිද දුරයෙන් ඉවත් විය යුතු බවයි.

ඒ අනුව ඉදිරියේදී බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගාවලියෙන් පසු සිය තනතුරු වලින් ඉවත් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට දන්වා ඇත. ලිඛිතව මෙම දැනුම් දීම කර ඇත්තේ ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු විසිනි. ඉවත් වීමෙන් පසු ඔවුන්ගේ කොන්ත්‍රාත්තු පිළිබඳ සලකා බලන බවද ලිපියේ දක්වා ඇත.

කෙසේ වෙතත් පුහුණුකරු චන්දික හතුරුසිංහ තනතුරින් ඉවත් කරනවාට කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් විරෝධය දක්වා තිබෙන බවද කණ්ඩායම් ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ පසුගිය කාලයේ කෝච්ගේ ක්‍රීඩකයින් සුමතිපාලගේ ක්‍රීඩකයින් හා තව තව පිල් වල ක්‍රීඩකයින් ලෙස කණ්ඩායම් කණ්ඩායම ඇතුලේ බිහිවූ පසුබිමක මෙවන් විරෝධ ඇතිවීමට ඉඩ තිබේ. එනම් කෝච්ගේ ක්‍රීඩකයින් විරෝධතාව පළකරනවා ඇතැයි සිතිය හැක.

LEAVE A REPLY