සිරිසේනගේ ගෝල කටාර් තානාපති කෝටිපති ඒ.එස් පි ලියනගේ කටාර් වල ලාංකිකයෙක් අරබාපු ළමයි 1200 ඉන්න ලංකා පාසලේ කෝටි 33 ක් කොල්ල කන්න යන හිඟන වැඩේ

0
1127

කටාර් රාජ්‍යයේ ජීවත් වන ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් ඇරඹුනු පාසලක මෑතක සිට ඇතිවු ආන්දෝලනාත්මක සිදුවීමක් පිළිබදව මාධ්‍ය වාර්තා පළවිය. එනම් කටාර්හී ශ්‍රී ලංකා පාසල සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතර ඇතිවූ ගැටලුවකි.

පාර්ලිමේන්තුවේ පවා කිහිප වතාවක්ම මෙම ගැටලුව සාකච්ඡා වූ අතර ජනපතිවරයා හමුවේ සාකච්ඡා වීමට පවා මෙම ගැටලුව ආන්දෝලනයට තුඩු දුන්නා.

Related image

මෙම පාසලේ නිර්මාතෘ කාටාර්හී වෙසෙන ශ්‍රී ලංකා ව්‍යවසායකයෙකි. ඔහු විසින් කටාර්හී ජීවත් වන ශ්‍රී ලංකා දරුවන් වෙනුවෙන් මෙම පාසල අරඹා, එම පාසල අසල තවත් ඉඩමක් මිලට ගෙන තිබෙන්නේ එහි තවත් පාසලක් ඉදි කිරීමටයි.

Related image

මේ සදහා ඔවුන් ශ්‍රී ලංකා මුදලින් කෝටි 33ක පමණ අරමුදලක් රැස් කර තිබේ. කටාර්හී නව ශ්‍රී ලංකා තානාපති ලෙසින් පත්වූ ඒ.එස්.පී ලියනගේ විසින් මෙම මුදල වෙනුවෙන් පාසලට බලපෑම් කරමින් සිටින බවට වාර්තා විය.

තානාපති කාර්යාලයෙන් එල්ල වන මෙම බලපෑම් විවේචනය කරමින් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදීද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් අදහස් දැක්වූයේය.

මේ අතර මෙම ගැටලුව උග්‍ර වූ පසු තානාති ඒ.එස්.පී ලියනගේ විසින් මෙම පාසල වසා දමා පාසලේ යතුරු රැගෙන ගිය බවද වාර්තා වුනා. මෙම ගැටලුව පිළිබදව සත්‍ය දැනගැනීමට මෙම පාසලේ නිර්මාතෘ කුමුදු ෆොන්සේකා සම්බන්ධ කර ගත්තා.

එහිදි අප සමගින් අදහස් දැක්වූ ඔහු පාසල සතුව තිබෙනා කෝටි 33ක අරමුදල වෙනුවෙන් කටාර්හී ශ්‍රී ලංකා තානාපතිවරයා සිදු කරන බලපෑම් පැහැදිලි කර සිටියා.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,

sl vlog

LEAVE A REPLY