සිරිසේනගේ අග්‍ර පුරෝහිත පස්චාත් ඉසුර බුලත් අතක් ගෙන වැන්දේ නැතයි පවසා පාසලක ගොස් අහිංසක සිසුවෙක්ට බැන වැද විදුහල්පතිට කියා බුලත් අතක් ගෙන වැදගයි

0
9215

කැබිනට් ඇමතියෙකුගේ බලතල ඇති රටේ වාණිජ පළාත බාර මහා ඇමතියා පාසලක උත්සවයකට ගොස් සිසුවෙක් බුලත් කැලි දෙකක් තුනක් ගෙන පිළිගන්න ආවයයි මළපැන විදුහල්පති සමග බුලත් අතවල් ගෙන නැවත වදින්නයි කිසිවක් නොදන්නා සිසුවෙක්ට මේ මෝඩ අමන දේශපාලුවා බැන වදී.

පසුගිය දවසක රටේ මුදල් ඇමති කුමන දේශපාලන මතයක් දරුවත් වටිනා කතාවක් කිවේය. ඒ දේශපාලකයන්ට දනගහලා වදින්න එපා. ඔහු මෙතන එන්නේ මොනා කරලද කියලා ඔයාලා දන්නේ නැ.

රටේ මුදල් ඇමති එසේ කියද්දී කිසි සුදුසුකමක් නැති නගර කුණු ට්‍රැක්ටරයකවත් වැඩ කිරීමට සුදුසුකමක් නැති මහා ඇමතියා සිසුන් කෙසේ වෙතත් රජයේ විභාග පාස් කර මුළු පාසලක ගුරු ප්‍රධානියා ලව්වා මොහු වන්දා ගැනීමට තරම් රටේ දේශපාලනය විකෘතියක් වීමට රටේ වාහල් මිනිස්සු වග කිව යුතුයි.

සමහරක් විට මේ අපහාසයට ලක්වූ සිසුවාගේ මව්පියන් නෑදෑයින් විදුහල්පති මොහුගේ පක්ෂයට දිගුකාලීනව මනාපය භාවිතා කරන අය විය හැකි. අපේ වහල් ජනයා තමන්ට පුද්ගලිකව තමන්ගේ ගොපල්ලුන්ගෙන් අසාධාරණයක් වන තුරු නැගිටින්නේ නැති අතර එම මොහොතේදී සියල්ල ප්‍රමාද වී තිබිය හැක.

තවමත් ලංකාවේ බහුතර වහල් ජනයා මේ කිසිත් තේරුම් නොගත් උන් වේ. මේ ඉසුරගේ සිද්දියේ වීඩියෝව

LEAVE A REPLY