සහරා ෆ්ලෑෂ්ට නැවත ප්‍රහාරයක්. කීබෝඩ් වාදක ශිල්පියාගේ ඔලුව පලයි චාමර වීරසිංහගේ මනුස්සකම නිසා වාදක ශිල්පියා රාගම රෝහලට ගෙනයයි

0
438

සංගීත කණ්ඩායමක් වන සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායටම පසුගිය 12 වනදා යළිත් වතාවක් අම්හිරි අත්දැකීමකට මුහුණදීමට සිදුවුනා.ඒ ගණේමුල්ලේ පැවති සංගීත ප්‍රසංගයකදී ගල් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන්.එම ප්‍රහාරයෙන් දරුණු ලෙස හිසට සිදුවූ තුවාළ හේතුවෙන් සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී හසිත කෝකිල රාගම රෝහලට ඇතුල්කර තිබෙනවා.

එම ප්‍රදේශයේ අයෙකුට සංවිධායකයන් විසින් ගීත ගායනා කිරීමට අවස්ථාව ලබාදීමත් සමඟ එයට උරණ වූ නරඹන්නෙකු විසින් මෙම ගල් ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.මෙම සිදුවීම පිළිබඳව සඳහන් කරමින් සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම ප්‍රකාශ කරන්නේ යළි තම සංගීත කණ්ඩායම සමඟ ගීත ගායනා කිරීමට එවැනි අවස්ථාවක් ලබානොදීමට තීරණය කර ඇති බවයි.

මේ අතර පසුගියදා බණ්ඩාරවෙලදීද ප්‍රසංග කාලසීමාව සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදයක් හේතුවෙන් සහරා ෆ්ලෑෂ් වේදිකාවට ප්‍රහාරයක් එල්ලවූවා.පසුගියදා ගණේමුල්ල සිදුවූ සිදුවීම පිළිබඳව එම කණ්ඩායමේ සාමාජිකයන් පළකලේ දැඩි අප්‍රසාදයක්.

මේ අතර ප්‍රහාරය එල්ලවීමත් සමඟ තුවාල ලැබූ වාදන ශිල්පියා කිසිවෙකු රෝහල්ගතකිරීමට ඉදිරිපත් නොවූ අවස්ථාවක ඔහු කඩිනමින් රෝහල්ගතකර ඇත්තේ ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ බවයි වාර්තා වන්නේ.එහිදී ඔහු ප්‍රසංගය අතහැර දමා තමන් වෙනුවෙන් රෝහලේ රැඳී සිටීම පිළිබඳව ස්තූතිවන්ත වෙමින් සහරා ෆ්ලෑෂ් කීබෝඩ් වාදක ශිල්පියා ස්තුති කර තිබෙනවා.

LEAVE A REPLY