සමහරු දේශපාලනයට වාර්තා විකෘති කරනවා – රනිල්

0
420

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශය විසින් ඉදිපත් කර තිබෙන වාර්තාවේ යම් යම් කොටස් සමහරුන් විසින් ප්‍රති‍ක්ෂේප කිරීමට උත්සාහ දරන බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එමගින් සිදු වන්නේ අයි.එස්.අයි.එස්.ත්‍රස්තවාදවයට අනුබල දීමක් බව අවධාරණය කලේ කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රේක්ෂකාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.

කිසිම වාර්තාවක කොටසක් ප්‍රතික්ෂේප කර, ඉතිරි කොටස් පිළිගැනීම කළ නොහැක්කක් බවත්, දේශපාලන අරමුණු උදෙසා මෙසේ ක්‍රියා කිරීමෙන් සිදු වන්නේ සාක්‍ෂි වල ශක්තිය අඩපණ වීමක් බවත් අගමැතිවරයා පවසා තිබෙනවා.

පසුගිය 14 වන දා පස්වරුවේ කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රේක්ෂකාගාරය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් වික්‍රමසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම වාර්තාව මගින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව කිසිදු චෝදනාවක් සනාථ වී නැති බවයි. එසේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා තමන්ට කිසිදු බලපෑමක් කළේ නැති බව හමුදාපතිවරයා පවසා සිටි බව ද අගමැතිවරයා පෙන්වා දී ඇත.

එම පොලිස් බුද්ධි අංශ වාර්තාව නීතිපතිවරයා සහ කතානායකවරයා වෙත යවා තිබෙන බවද, ඔවුන් ඒ පිළිබඳව නිසි පියවර ගනු ඇති බවද අගමැතිවරයා වැඩිදුරටත් පවසනවා. මේ දිනවල ඉල්ලා අස්වූ ඇමතිවරු බදුර්දීන් ඇතුළුව නැවත දිවුරුම් දීමට එම කණ්ඩායම අතර සාකච්චාවක්ද ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY