සජිත් කා බී ප්‍රීතිවෙමින් හිටපු ඇමැතියන්ගේ ගෙවල් වල මනස හදයි. කඩේ ගිය පිරිස් පොලිසි යයි

0
459

නව ජනාධිපතිවරයෙකු පත්වී ආණ්ඩු මාරුවීමත් සමග එක්සත් ජාතික පාක්ෂිකයෝ හා දේශපාලකයන් සමග සේවය කල පිරිස් හා රැකියා අහිමිව ඇති පිරිස් අසරණව සිටියදී සජිත් ‌‌‌ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම රාත්‍රී ‌භෝජන සංග්‍රහ පවත්වමින් විනෝද ‌වෙමින් ඊයේ (4) දිනයේ ප්‍රිය සම්බාශනයක් පවත්වා විපක්ෂ නායකකම හා පක්ෂ නායක කම ගැනීමට සාකච්චා පවත්වා ඇත.

පරාජයත් සමග ‌ගෙළු ‌බෙල්ලා කටුව තුලට වී සැග‌ෙවෙන්නා ‌සේ සැගව සිටි සජිත් ‌ප්‍රේමදාස මහතා ‌මේ වන විට රාත්‍රී ‌භෝජන සංග්‍රහවලට සහභාගී ‌වෙමින් සිටියි කඩා වැටුනු ඔහුගේ මානසිකත්වය යථා තත්ත්වයට පත් කර ගැනීම ‌වෙනුවෙන් යයි කියමින් ‌මෙලෙස රාත්‍රී ‌භෝජන සංග්‍රවලට කැදවමින් සිටින බවයි සමිපත ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මුලින්ම රාත්‍රී ‌භෝජන සංග්‍රහය පවත්වා ඇත්තේ හරින් ප්‍රනාන්දු මහතාගේ නිව‌ෙසේය. ඉන් පසුව මීට දින කිහිපයකට ‌පෙර රංජිත් මද්දුමබණ්ඩාර ‌ගේ නිව‌ෙසේ ‌මෙලෙසම රාත්‍රී ‌භෝජන සංග්‍රහය පැවැත්විනි. ඊයේ (04) රාත්‍රී නගරාධිපතිනි ‌රෝසි ‌සේනානායක මහත්මිය‌ෙගේ නිව‌ෙසේද රාත්‍රී ‌බෝජන සංග්‍රහයක් පවත්වා තිබිණි. විපක්ෂ නායක දුරය ලබාගැනීමෙන් පසු අද දිනද එය සමරමින්ද සිටින බවයි වාර්තා වන්නේ.

ජනාපතිවරණයේදී සජිත්ගේ කදවුර ජයග්‍රහණය කරීමට කටයුතු කල මාධ්‍යවේදීන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු වෘතියවෙදින් හට මේ වන විට විශාල මර්ධනයක් යොමුවෙමින් තිබෙන අතර ඒ පිළිබද පෙනිහිටිමට තියා එලියටවත් නොපැමිණි පුද්ගලයෙක් විපක්ෂ නායක වී ඇති අතර ඒ තත්වය යටතේ තම ගෝලයන් සමග මනස යතා තත්වයට පත් කරගැනීමට බාල් නටමින් සිටීම අතිශය ලැජ්ජා සහගත කාරණයකි.

පාක්ෂිකයා අසරණ ව සිටියදි ‌දේශපාලන පළිගැනිම් මත රැකියා අහිමිව සිටියදි රහස් ‌පොලිසියේ නිලධාරින් අසරණව සිටියදි ‌මාධ්‍යවේදීන් හා උදව්කරුවන් අඩන්තේට්ටම් වලට හසුවෙමින් තිබියදී මොවුන් ‌මෙලෙස බාල් නැටිම කනගාටුවට කරුණක් බවද පක්ෂ ‌ජ්‍යෙෂ්ඨයෝද කලකිරීමට ලක්ව ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.

වසර 20 දේශපාලනය කලත් විපක්ෂ නායක කම ජනපති අපේක්ෂක කම හයිජැක් කලාක් මෙන් එක වරක් පාර්ලිමේන්තු පැමිණි පිරිස බහුතරයක් සමග බලහත්කාරයෙන් තනතුරු ලබා ගත්තත් පක්ෂය වෙනුවෙන් හෝ රටේ ප්‍රශ්න වෙනුවෙන් තමන්ගේ මතය ප්‍රකාශ කල අවස්තාවක් හෝ රුපවාහිනී විවධයකට හෝ සහභාගී වී නැති මෙවැනි අයෙක් විපක්ෂ නායක දුරය වැනි රටේ භාරදුර වගකීමක් දරන්නේ කෙසේදැයි එජාප මතධාරී මධ්‍යම පාන්තික උගත් බුද්ධිමත් කණ්ඩායම් විමසමින් සිටින බවයි එජාප ආරංචිමාර්ග සදහන් කරන්නේ.

එකදු පාගමනක්, රැළියක්, හෝ මීලග ආණ්ඩු බලය ලබාගැනීමට තමන්ගේ වැඩ පිළිවලක් පෙන්වීමට කිසිදිනක තමන්ගේ මතය තම ක්‍රියාකාරකම් ප්‍රයෝගිකව පෙන්වා නැති පුද්ගලයකු රටේ විපක්ෂ කාර්ය හරිහැටි ඉටු නොකලොත් ඒ රටේ අදුරුවන්නේ මේ පුද්ගලයාගේ හෝ පක්ෂයේ අනාගතය නොව රටේ අනාගතය වේ. ඒ ආණ්ඩු බලයේ සිටින කණ්ඩායම ඒකාධිපති බලතල භාවිත කිරීමට කිසිදු බියක් දක්වන්නේ නැති තත්වයක් දුර්වල විපක්ෂයක් බිහිවීමෙන් ඉඩ කඩ ලැබේ.

කෙසේ වෙතත් නිදහස් පක්ෂයට අත්වූ ඉරණම එජාපයට අත්වීමට නියමිත අතර වෙනත් විකල්ප කණ්ඩායමක් ශක්තිමත් දේශපාලන බලවේගයක් සැදීමට කටයුතු සැලසුම් කරමින් සිටින අතර එයට එජාප උගත් මධ්‍යස්ත කොටස් එකතු කරගනිමින් එජාපයට සම්බන්ධ යම් පරිනත දේශපාලකයින්ද සම්බන්ධ වෙමින් මේ බලවේගය නොදුරේදීම සැදීමට කටයුතු සුදානම් බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY