සජිත් අනුර ගෝඨා කවුරු දින්නත් අගමැති රනිල් පමණයි

0
288

නොවැම්බර් 17 වනදා කුමන ජනපතිවරයෙක් පත්වුවත් ලංකාවේ අගමැතිවරයා වශයෙන් ලබන මාර්තු දක්වා සිටින්නේ අගමැති රනිල් බව අද එජාප අමාත්‍ය අධි නීතිඥ අජිත් පි පෙරේරා පවසනවා. ඒ 19 වන සංශෝධනය අනුව.

ජනපතිවරයෙක් පත්වුවත් නැතත් පාර්ලිමේන්තුවට වසර 4 හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසරවීමට බලතල නැති බව සදහන්. පසුගිය ඔක්තෝබරයේ සිදුවූ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පරාජය වන්නේ මහින්දට බහුතරයක් නොමැති වීමෙන්.

මෙවරද නැවත මහින්ද අගමැති බවට පත්කළහොත් ඔහුට බහුතරය පෙන්වීම කල නොහැකි නිසා නැවත කුමන ජනපති කෙනෙක් යටතේ වුවද අකමැත්තෙන් හෝ රනිල් අගමැති ලෙස වැඩකටයුතු කරගෙන යාමට සිදුවන බවයි වාර්තා වන්නේ.

19 වන සංශෝධනය අනුව බහුතරය ඇති පෙරමුණ එජාපය වන අතර බහුතර මන්ත්‍රීන් ඇත්තේ ඔවුන්ටයි. එනිසා මහින්ද අගමැති ගෝඨා ජනපති යන කාරණය ලබන මාර්තු වන තෙක් සිහිනයක් පමණක් වනවා. මේ එම පැහැදිලි කිරීම පහතින්

LEAVE A REPLY