ශ්‍රී ලංකා සංචිතයක් නම් කරයි. හිටපු නායකයා නැවත ඇතුලට

0
209

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර මේ මස 14 වැනිදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද (7) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් විය. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගාවලිය මෙයයි.

මේ සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි වමත් ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්න වෙත ලබා දී තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායකයින් වන දිනේෂ් චන්දිමාල් හා ඇන්ජලෝ මැතිව්ස් ද මේ ක්‍රීඩකයින් විසි දෙදෙනාගේ මූලික සංචිතය සඳහා ඇතුළත් කර තිබේ.

මේ වසර ආරම්භයේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ දී චන්දිමාල් හා මැතිව්ස් හට ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කිරීමට නොහැකි විය. මැතිව්ස් හට තරගාවලිය මඟ හැරී ගියේ ආබාධයකට ලක්වීම නිසයි. චන්දිමාල් මේ වන විට ග්ලෝබල් T20 තරගාවලිය නියෝජනය කිරීම වෙනුවෙන් කැනඩාවට ගොස් සිටියි.

කරුණාරත්න ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ පසුව පැවති පළමු ටෙස්ට් තරගාවලියේ දී ම සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව 2-0ක සුපිරි ජයක් ලබාගැනීමට සමත් විය.

එසේම ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස හිටපු වේගපන්දු පුහුණුකරු රුමේෂ් රත්නායක පත්කර තිබෙනවා. නමුත් ඊයේ දිනයේ වාර්තා වූයේ මහින්ද රාජපක්ෂගේ බාල පුතාගේ මාමණ්ඩිය වන ජෙරම් පුහුණුකරු දුරයට පත්වූ බවයි. එහෙත් අද වන විට එය වෙනස් වී තිබීමත් තරමක පුදුම සහගත කරුණක්.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, ශෙහාන් ජයසූරිය, චාමික කරුණාරත්න, දිල්රුවන් පෙරේරා, අකිල දනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු

LEAVE A REPLY