ශ්‍රී ලංකා ප්‍රිමියර් ලිග් ජාත්‍යන්තර මට්ටමින් සැප්තැම්බර් පවත්වන බව සභාපති කියයි

0
273

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක් යනු ශ්‍රී ලන්කා ප්‍රේක්ශකයින්ට සිහිනයකි. 2012 වර්ශයේදී එස් එල් පී එල් යනුවෙන් තරගාවලියක් විදෙස් ක්‍රීඩකයින්ද සමග ආරම්බ වුවද එය එම වසරට පමනක් සීමා විය. ඉන්පසුවද විටින් විටින් මෙලෙස ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වෙන බවට ප්‍රකාශයන් නිකුත් වුවද එය යථාර්තයක් වූයේ නැත. ගිය වසරේදීද ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වෙන බවට ප්‍රකාශ කලත් එයද යටපත් වී ගියා.

මෙලෙස වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට බාලගිරි දෝසය මෙන් කල් දමා තිබුනි. ලොව අනෙකුත් රටවල් සතුව ප්‍රිමියර් ලීග් තරගාවලි ඇති අතර ඉන්දියාවේ අයි පී එල් තරගාවලිය ඉන් ප්‍රධාන තැනක් ගනී. අයි පී එල් තරගාවලියෙන් පසුව ඉන්දියානු පිලට සුපිරි ක්‍රීඩකයින් රැසක්ද බිහිවිය. ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවලින් ලංකාවට පමණයි ලිග් තරගාවලියක් නැත්තේ.

නවක ක්‍රිකට් සබාපති වන ශම්මි සිල්වා ප්‍රකාශ කර සිටියේ මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ප්‍රිමියර්ලීග් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතින බවයි. එමෙන්ම ඊට විදෙස් ක්‍රීඩකයින්ද සහබාගි වන බව ශම්මි සිල්වා ප්‍රකාශ කර සිටියහ.

ගිය වසරේද මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබුනත් ක්‍රිකට් නිලවරණය නිසා එය පැවැත්වීමට නොහැකි වූ බව ශම්මි සිල්වා අදහස් දැක්වීය. මෙම වසරේ විදෙස් ක්‍රීඩකයින් සමගින් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක් පවත්වන බවයි ඔහු පවසන්නේ. නමුත් මෙම ලිග් තරගාවලිය පවත්වන තුරු විශ්වාසයක් නැති අතර වරක් දෙවරක් පැවැත්වුවද අනෙක් ලිග් තරගාවලි මෙන් දීර්ග කාලින එකක් වේදැයි සැක සහිතවන්නේ ලංකාව යනු එතරම් විශ්වාස කල හැකි රටක් නිසයි.

LEAVE A REPLY