ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට මාධ්‍යවේදීන් කිසිවකු නොමැතිව හෙට අයවැය පාර්ලිමේන්තුවට

0
240

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය තුළ අය වැය වාර්තා 74 ක් ඉදිරිපත් කර ඇති පසුබිමක පාර්ලිමේන්තු වාර්තාකරුවන් නොමැතිව හෙට අයවැය විවාදයේ පළමු දිනට සභාව රැස්කරවීමේ සූදානමක් පවතින බවට වාර්තා වනවා.
ඒ, පවතින කොවිඩ් ව්‍යාප්තිය පදනම් කරගනිමින්. පසුගිය දින කිහිපය ද පාර්ලිමේන්තුවේ රැස්වීම් කටයුතු පැවැත්වුණේ මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයකින් තොරවයි.


පාර්ලිමේන්තු වාර්තාකරුවන් 05 දෙනෙකු පසුගිය දිනවල කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීම ඊට ප්‍රධාන හේතුව වුණා. කෙසේවෙතත් ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස සලකා එම සියළු මාධ්‍යවේදීන් PCR පරීක්ෂණ මෙන්ම ස්වයං නිරෝධායනයට ද යොමු වීමටයි කටයුතු කර තිබුණේ.


මෙවන් පසුබිමක නැවත නැවත කොවිඩ් තත්වය පාදක කරගනිමින් පාර්ලිමේන්තුවේ සභා කටයුතු මාධ්‍ය වෙත විවෘත නොකිරීමට පාලකයින් සූදානම් වීම කණගාටුවට කරුණක්. හෙට සිට ඇරඹෙන 2021 වසරට අදාළ අයවැය දෙවන හා තෙවනවර කියවීම සඳහා වන විවාදයට වෙන්කර ඇති දින ගණන 21ක්.

– පාර්ලිමේන්තු වාර්තාකරු

LEAVE A REPLY