වෙඩි තියාගන්නවා කියූ චන්ද්‍රසිරි බණ්ඩාර යළිත් නා ගනී! සජීවී විකාශය මැද ජැක්සන්ගෙන් කනේ පහරක්

0
1848

පසුගිය ජනාධිපතිවරණයේදී එවකට ජනපති මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය නොකළහොත් ප්‍රසිද්ධියේ වෙඩි තබාගන්නා බවට ප්‍රකාශ කළ ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද දින තවත් අමුතුම ආකාරයේ ප්‍රකාශයක් සිදු කළා.

ඒ හිරු නාලිකාව ඔස්සේ සජීවීව විකාශය වූ අලුත් අවුරුදු වැඩසටහන අතරතුර දී.

අලුත් අවුරුදු උදාවට විනාඩි 5ක පමණ කාලයක් තිබියදී අවුරුද්දට දේශපාලන මුහුණුවරක් ද ලබා දෙමින් ඔහු ප්‍රකාශ කළේ අද උදාවන්නේ හතර කේන්දරේ පාළු අවුරුද්දක් බවයි.

ඔහුගේ එම ප්‍රකාශයත් සමග එම ස්ථානයේ සිටි ප්‍රවීණ රංගණ ශිල්පී ජැක්සන් ඇන්තනී ඔහුගේ කතාවට බාධා කරමින් දැඩි ස්වරයෙන් අදහස් ප්‍රකාශ කළ අතර ඔහු ප්‍රකාශ කර සිටියේ අනාවැකි කියද්දි පොඩ්ඩක් පරිස්සමින් කියන්න ඕනෙ. මොකද, දේශපාලන අනාවැකි කිව්වා වගේ නෙවෙයි, රටේ සංස්කෘතිය ගැන අනාවැකි කියනකොට. දේශපාලන අනාවැකි කියනකොට නම් පැරදුනත් වැරදුනත් ජනප්‍රිය වෙනවා. රටේ සංස්කෘතිය ගැන අනාවැකි කියනකොට තව ටිකක් පරිස්සම් වෙන්න ඕනෙ. යනුවෙන්.

එමෙන්ම ඔහු තවදුරටත් මෙලෙස අදහස් දැක්වූවා.

අපි හැමෝම බොහොම සුබවාදී ලෙස තමයි මේ අවුරුද්ද සමරන්නේ. අනාදිමත් කාලයක් තිස්සේ අපේ රටේ මේ අවුරුදු නැකත් එක්ක අපිට කවදාවත් වැරදුනේ නෑ. ඔය කියන විදිහට අපේ කේන්දර කිසිවක් පාළු වුණේ නෑ. අපි හොඳට අපේ කේන්දර සඵල කරගෙන, අපි ඊළඟ අවුරුද්දට හොඳ සුබ හුස්මක් අරගෙන, නැකත් තුලා ඉෂ්ට සිද්ධ කරලා, සුබවාදීව තමයි අපි ගමන් බිමන් ගියේ. මේ නක්ෂත්‍රවාදියෙකුගේ දෘෂ්ඨිය කෙසේ වෙතත්.

කෙසේ වෙතත් ජැක්සන් ඇන්තනීගේ එම ප්‍රකාශයත් සමග චන්ද්‍රසිරි බණ්ඩාර පවසන්නට වූයේ තමා පැවසූවේ හතර කේන්දරය පාළු වීමේ අසුබ ගැන නොවන බවයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වූවෝතින් තමා කේන්දර බලන කාර්යයද නතරකරන බව ද මීට පෙර ඔහු ප්‍රසිද්ධියේම කියා සිටියා.

කෙසේ වෙතත් ඔහු තවමත් ජ්‍යොතීර්වේදයේ නිරත වන බව නොරහසක්.

අද වූ සිදුවීමේ වීඩියෝව පහතින්

LEAVE A REPLY