විල්පත්තු වනයේ වසර ගණනාවක් පුරා දේශපාලන බලය මත සිදුවූ අනවසර පදිංචි කිරීම්

0
926

විල්පත්තු අභයභූමියේ සිදුවන වන සංහාරය, අනවසර පදිංචි කිරීම්, දැව ජාවාරම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්, පරිසර සංවිධාන සමඟ එක්ව විල්පත්තු වනයේ අද (09) පෙරවරුවේ විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.

විල්පත්තු වනයේ වසර ගණනාවක් පුරා දේශපාලන බලය මත සිදුවූ අනවසර පදිංචි කිරීම්, දැව ජාවාරම් ආදී පාරිසරික විෂමාචාර ක්‍රියාවන්ට පසුගිය ආණ්ඩුවත්, වත්මන් ආණ්ඩුවත් මේ වනවිට කිසිදු අවධානයක් යොමුකර නැති බැවින් පක්‍ෂයක් හැටියට එම පාරිසරික ගැටලුව ගැන සොයා බලා ඊට අදාළ විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමට ජවිපෙ තීරණය කර තිබේ.
මෙම සංචාරයට ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත, ජවිපෙ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ, ජවිපෙ වයඹ පළාත් සභා මන්ත්‍රීනී නාමල් කරුණාරත්න, තිඥ සුනිල් වටගල, පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර මාධ්‍යවේදීන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.
රුපියල් කෝටි 16.9ක් වංචා කළැයි, සුනාමියෙන් නිවාස අහිමි වූ උතුරු නැගෙනහිර ජනයාට නිවාස තනාදීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති සමයේ පිහිටවනු ලැබූ රාඩා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සාලිය වික්‍රමසූරිය ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔහු අද (9) පොලිස් මෙහෙයුම් ඒකකය මගින් සැකපිට අත් අඩංගුවට ‍ගෙන කොටුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය කර ඇත. එම ආයතනයකට ගෙවල් තැනීම සඳහා මුදල් දී ඇතත් ගෙවල් තනා නැතැයි පොලිසිය පවසයි.
මේ වසර ගණනාවක සිට රටේ මහත් ආණ්දෝලනයකට ලක් වතිබෙන විල්පත්තුව වන සංහාරය ගැන සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සඳහා කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට විශේෂ නියෝගයක් නිකුත් කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
විල්පත්තු වන විනාශය පිලිබඳ සොයා බැලීම සඳහා ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලාල් කාන්ත මහතා පරිසර වේදීන් සහ මාධ්‍යවේදීන් සමග මේ වනවිට එහි සංචාරයකද නිරත වුනි.

LEAVE A REPLY