වසර 70 ක් විවධ සේවාවල් රටට කල එජාපය ගෙදර යැව්වා ඒ නිසයි අපි නිහඬ වුනේ, ලෝකෙම පිළිගත් කෙනෙක් පාර්ලිමේන්තු එනවා – රංගේ

0
181

සම්පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩකටයුතු ආරම්භ කිරීමට තීරණය කෙරේ.කොවීඩ් 19 දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු රැසක් කල් දැමීමට තීරණය කෙරුණු අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජේෂ්ඨයින් සමග සූම් සහ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කරමින් පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සංවිධානය කිරීමට පියවර ගනු ලැබීය.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සෑම දිනකම පාහේ සිරිකොත පක්ෂ මූලස්ථානයට ගොස් පක්ෂ ක්‍රියාකාරීන් සමග අත්‍යවශ්‍යම කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරැගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු ආරම්භ කිරීමේ පළමු පියවර ලෙස නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ සතියේ දී අනුරාධපුරය සහ මහනුවර දිස්ත්‍රික්ක වල පක්ෂ ක්‍රියාකාරීන් හමුවීමට නියමිතය.

ඉන් පසුව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දිස්ත්‍රික් මට්ටමින් පක්ෂ ක්‍රියාකාරීන් හමුවී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ උපදෙස් දීමට නියමිතය.

ලබන වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂය නව නිලධාරි මණ්ඩලය පත් කිරීමද ඉහත වැඩපිළිවෙල අතරතුර දී කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජේෂ්ඨයන්ට උපදෙස් දී තිබේ.

අද දිනයේ පුත්තලම්දී මාධ්‍ය සාකච්ඡාවක් තැබූ රංගේ බණ්ඩාර හිටපු මන්ත්‍රීවරයා එජාපය මෙතෙක් නිහඩව සිටියේ ජනතාව තම පක්ෂය ගෙදර සිටින ලෙස ජනමතයක් ලබා දුන් නිසා බවයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට නම් කරන්නේ කවුද යනුවෙන් ඇසු විට පැවසුවේ පක්ෂයේ සිටින ජේෂ්ඨ බුද්ධිමත් මෙන්ම දේශීය විදේශීය සම්බන්ධකම් ඇති චරිතය පත් කරන බවයි. ඒ පැවසුවේ නායක රනිල් ගැනදැයි මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් ඇතිව තිබෙනවා . එම වීඩියෝව පහතින්.

LEAVE A REPLY