ලෝක කුසලානයේ අසාර්ථක මෙන්ඩිස් හා තිසර ඇතුළුව 22 ක සංචිතයක් බංගලි සංචාරයට

0
221

ලෝක කුසලානය වෙනුවෙන් එක වර අහසින් පහත්වූ තරගාවලියේ සම්පුර්ණයෙන්ම අසාර්ථක වූ ජීවන් මෙන්ඩිස් හා මිලින්ද සිරිවර්ධන කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා. සිරිවර්ධන තේරුම් කමිටුව නම් කලේ තරග ගාස්තුවෙන් කොටසක් ලබා ගැනීමට බව ඉන්දීය වෙබ් අඩවියක් වාර්තා කර තිබුනද ලංකාවේ ක්‍රීඩා ඇමති හෝ කිසිවකු ඒ පිළිබද කිසිදු පරීක්ෂණයක් කරන්නේ නැති අතර තේරුම් කමිටුවට ළදරු ඇමතිවරයා බියක් දක්වන බව පෙනේ.

තවද ජෙෆ්රි හා සුරංග ලක්මාල්ද කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා. ඒ වෙනුවට 22 කින් යුත් මුලික සංචිතයක් නම් කර ඇති අතර එයට දික්වැල්ල දසුන් ශානක ඔෂධ ප්‍රනාන්දු ෂෙහාන් ජයසුරිය ඇන්ජලෝ පෙරේරා වැනි ක්‍රීඩකයන් කැදවා තිබෙනවා. නමුත් මෙයිනුත් තව 7 දෙනකු කැපී යාමට නියමිතයි.

කෙසේ වෙතත් ලෝක කුසලානයේ දුර්වලම දස්කම දැක්වූ තිසර පෙරේරා මේ සංචිතයට නම් කර ඇති අතර එක දිගට දස්කම් පවත්වාගෙන යාමට නොහැකි වූ කුසල් මෙන්ඩිස්ද කිසිම විවේකයක් නොදී නම් කර තිබෙනවා. ජාත්‍යන්තර එක්දින ක්‍රීඩාව ආරම්භ කල වසර 10 පසු මේ වසරේ ජනවාරි මාසයේ ප්‍රථම ශතකය ලබාගත් තිසර පෙරේරා ඉන් අනතුරුව ගෙවුන මාස 7 තුල වෙනත් කිසිදු සැලකිය හැකි දස්කමක් දක්වාද නැ.

කුසල් මෙන්ඩිස්ද ටෙස්ට් ශතකයක් මෑතකදී ලබා ගත්තද එක්දින තරග වල දස්කම් දැක්වීමට මෑතකදී ඔහු සමත්වී නැත්තාත් ඔහු ගැන අනුකම්පාවෙන් තේරුම් කමිටුවේ අසන්ත මේල් නැමැත්තා මාධ්‍යට කතා කළා. එසේම ලක්ෂාන් සදකන්ද මෑතකදී ඉතා අසාර්ථක ක්‍රීඩකයෙක් වන අතර ඔහුද මෙයට නම් කර තිබෙනවා.

අකිල ධනංජය නැවත කැදවා ඇති අතර අමිල අපොන්සු ලහිරු කුමාරද 22 සංචිතයට කැදවා තිබෙනවා. 22 සංචිතය මෙසේයි. දිමුත්, කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, අවිශ්ක, ඔෂධ, ඇන්ජලෝ පෙරේරා, මැතිව්ස්, ෂෙහාන් ජයසුරිය, තිරිමාන්න, දික්වැල්ල, අකිල දනන්ජය, දනන්ජය සිල්වා, වනිදු, දසුන් ශානක, තිසර, සදකන්, අමිල අපොන්සු, උදාන, ලහිරු කුමාර, මාලිංග, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්.

කෙසේවෙතත් ලෝක කුසලානයේදී එංගලන්ත පරාජය කිරීමට ප්‍රධාන තුරුම්පුව වූ මාලිංග කඩුලු 13 දවා ඇති අතර ඔහු පළමු තරගයෙන් සමුගන්නා බව තේරුම් කමිටුවට පවසා තිබෙනවා. නමුත් අසන්ත නැමැත්තා තරග 3 ක්‍රීඩා කරන ලෙස ඉල්ලා ඇති අතර එහි අවසන් තීරණයක් තවමත් සදහන් වන්නේ නැ.

LEAVE A REPLY