ලෝකයේ හොදම පුහුණුකරු කියූ හැතුරුසිංහට වෙච්ච දෙයක්. ඒකාධිපති තේරුම් නිසා තේරුම් කමිටුවෙන් ඉවතට. ලක්ෂ 75 ගෙවන ධුරයෙනුත් අයින් කිරීමට යයි

0
823

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකර ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව ක‍්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග කියා සිටී.මෙතෙක් කණ්ඩායමේ අවසන් 11 දෙනා තේරීම සදහා හතුරසිංහ මැදිහත් වුවද ඉදිරියේදී හතුරුසිංහ එම කටයුත්තෙන් ඉවත් කර ඇති බවද වාර්තා වෙයි.මාසික රැපියල් ලක්‍ෂ 75ක පමණ මුදලක් වැටුප් හා දීමනා ලෙස ලබා ගන්නා හතුරුසිංහ මෙම කාලයේදී ක‍්‍රිකට් කන්ඩායමට කල සේවය කුමක්දැයි ඉහල ප‍්‍රධානීන් කිහිප දෙනෙකු අතරද සාකච්චා වී ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායම බාර ගැනීමට පෙර හතුරුසිංහ දක්‍ෂ පුහුණුකරැුවෙක් යයි ලෝකයේ නමක් දිනා සිටියේය.මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට අමතරව තේරීම් කමිටුවේ බලය හිමිව තිබූ චන්දික හතුරුසිංහගේ තේරීම් බලය ඉවත් කිරීමට ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා ඊයේ 28 දා පියවර ගෙන තිබුණි. එ් අනුව ඉදිරියේදී ඔහුට ජාතික කණ්ඩායමේ කිසිම තේරීමකට මැදිහත් වීමේ හැකියාවක් නොමැත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත්වීම, කණ්ඩායමේ එකමුතුකම බිඳ වැටීම, නිසි තේරීම් පටිපාටියක් නොවීම සහ තේරීම් කමිටුවේ අභිමතයට උඩින් කටයුතු කිරීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් ඇමැතිවරයා විසින් අදාළ තනතුරින් චන්දික හතුරුසිංහ ඉවත් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

එ් අනුව ඉදිරියේදී ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම, ‘එ්’ කණ්ඩායම, නැගී එන කණ්ඩායම සහ යොවුන් කණ්ඩායම් ඇතුළු ජාතික ක‍්‍රිකට් තේරීම්වල පූර්ණ වගකීම වත්මන් ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් ඇතුළු කමිටුවට හිමිව ඇති අතර එම ලිපිය එම සාමාජිකයන් වෙත ඊයේ භාරදී තිබේ. තේරීම් කමිටුව විසින් සංචිතයකට නම් කරන ක‍්‍රීඩකයන් අතරින් අවසන් එකොළොස් දෙනා තේරීම ඉදිරියේදී බහුතර කැමැත්ත අනුව සිදුකරන අතර එම තේරීම් වලටද හතුරුසිංහට මින් ඉදිරියට මැදිහත් විය නොහැක. තේරීම් කමිටු සභාපතිවරයා සහ සෙසු සාමාජිකයන් තිදෙනා සමග කණ්ඩායම් කළමනාකරු සහ නායකයා එක්ව අවසන් එකොළොස් දෙනා බහුතර කැමැත්තෙන් තේරීම ඔස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිට ක‍්‍රියාත්මක වේ.

චන්දික හතුරුසිංහ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට අමතරව තේරීම් කමිටුවේ සාමාජිකත්වයද ඉල්ලා සිටිමින් මිලියන හයකට වඩා වැඩි වැටුපකට ශ‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු ධුරයට ඉකුත් වසරේදී පත්වීම් ලැබීය. නමුත් ඔහුගේ පැමිණීමෙන් පසු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කිසිදු ප‍්‍රගතියක් ඉකුත් මාස 12 ක කාලයේදී දක්නට නොලැබුණු අතර මව්බිමේදී මෙන්ම විදේශ වලදීද එක දිගට ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස අවසන් කර ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද එම තරගය අතරතුරදී හතුරුසිංහ ක‍්‍රියා කළ ආකාරයට අනුව ඔහු සමග කළමනාකරු අසංක ගුරුසිංහ නායක දිනේෂ් චන්දිමාල්ටද ටෙස්ට් තරග කිහිපයක්ම තහනම් කිරීමට අයි.සී.සී.ය තීරණය කළේය. කොදෙව්වන් සමග ඉකුත් වසරේදී බාබේඩෝස් හී පැවැති ටෙස්ට් තරගයේදී විනිසුරු තීරණයට ගරු නොකර කණ්ඩායම ඉවතට ගැනීමට හතුරුසිංහද මැදිහත්වීම හේතුවෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පළමු නීතිය වන ජීව ගුණයට හානි කිරීම නීතිය අනුව අදාළ තහනම පැනවුණි.

හතුරුසිංහ පැමිණිය දිනයේ සිට එක වරක් හැරෙන්න අනෙක් කිසිම අවස්තාව කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත්වී නැත. 2018, සහ 2017 හොදම පිතිකරුවා වන උපුල් තරංග තරග දෙකක් ලකුණු අතරට නොපැමිණෙන විට සන්චිතයෙවත් නොමැතිව ඉවත් කලත් කිසිදිනක කුසල් මෙන්ඩිස් ඉවත් නොකර තරංග කපා එම ස්ථානය මොහුට දීමට කටයුතු කලේ හතුරුසින්හයි.හතුරුසිංහට ඕන ක්‍රීඩකයින් කණ්ඩායමට පැමිණි අතර මැතිව්ස් පවා කපා ඉවත් කිරීමට ඔහු කටයුතු කල අතර කණ්ඩායමේ සමගිය පෙරටත් වඩා ප්‍රශ්නයකට පත්වුයේ හතුරුසිංහගේ අරුම පුදුම තේරුම් නිසාද විය හැකි. ඒ කෙසේවෙතත් ලෝකයේ සිටින දෙවියන් කණ්ඩායමේ පුහුණුකරු කලත් ලපටි සිගිති කැපවීමක් නැති ධෛර්යක් නැති ක්‍රීඩකයන් සමග මේ කණ්ඩායම ගොඩනැගීම හීනයකි. අවසානයේ සිදුවුයේ බංගලාදේශය සමග ලෝක කුසලානයේ වැඩ දැමීමට සිටි හතුරුසින්හට අල්ලපු වත්තත් පයගහපු වත්තත් එල්ලෙන්න වැලකුත් නැතිවී ඔහුත් පිරිහී ගිය එක පමණි.

LEAVE A REPLY