ලහිරු හා දසුන්ට නායකත්වය. මිනොඩ් හා භානුක ප්‍රථමවරට සංචිතයට

0
72

පකිස්තානයට එළබෙන 25 වනදා යන ශ්‍රී ලංකා එක්දින හා 20 20 කණ්ඩායම් අද නම් කර තිබෙනවා. ඒ අනුව එක්දින නායකයා ලෙස ලහිරු තිරිමාන්නත් 20 20 නායක ලෙස දසුන් ශානකත් පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් එක්දින කණ්ඩායමෙන් එකවර ඉවත් කල ජෙෂ්ට ක්‍රීඩක උපුල් තරංග මේ සංචිත වලට එක් කර නැ. බොහෝ විට අජන්ත කුලසේකර වැනි ක්‍රීඩකයන්ගේ මෙන්ම ලංකාවේ එක්දින වැඩිම හොදම දෙවන ලකුණු 174 වාර්තා කල තරංගගේ ක්‍රීඩා ජීවිතය මෙසේ අවසන් වනු ඇති.

එසේම තව ශ්‍රී ලංකාවේ වරින් වර කණ්ඩායම නියෝජනය කල දක්ෂ ක්‍රීඩකයන් වන අසේල ගුණරත්න, අශාන් ප්‍රියන්ජන්, දිල්ශාන් මුණවීර, විශ්ව ප්‍රනාන්දු, රොෂේන් සිල්වා සහ තවත් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් මේ එකදු සන්චිතයකටවත් සලකා බලාද නැ.

ලහිරු තිරිමාන්න නායකත්වය දරන එක්දින කණ්ඩායම මෙසේයි. තිරිමාන්න, ධනුෂ්ක, සදිර සමරවික්‍රම, ඔෂධ ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු, ෂෙහාන් ජයසුරිය, දසුන් ශානක, මිනොඩ් බානුක, ඇන්ජලෝ පෙරේරා, වනිදු, සදකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත, ලහිරු කුමාර.

දසුන් ශානක නායකත්වය දරන 20 20 කණ්ඩායම මෙසේයි. දසුන්, ධනුෂ්ක, සදිර සමරවික්‍රම, ඔෂධ ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු, ෂෙහාන් ජයසුරිය, ඇන්ජලෝ පෙරේරා, භානුක රාජපක්ෂ, මිනොඩ් බානුක,ලහිරු මදුශංක, වනිදු, සදකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත, ලහිරු කුමාර.

මෙම කණ්ඩායම් දෙකේම නවක ක්‍රීඩකයින් දෙදෙනෙක් පමණක් සිටින අතර ඒ 24 හැවිරිදි කඩුලු රකින්නෙක් වන මිනොඩ් භානුක හා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන 27 හැවිරිදි භානුක රාජපක්ෂයි. මිනොඩ් සංචිත දෙකේම සිටින අතර භානුක 20 20 කණ්ඩායමේ සිටි. අනෙක් ක්‍රීඩකයින් සියල්ල ලංකාව කලින් නියෝජනය කල අයයි.

එක්දින තරගාවලිය 27 ඇරබෙන අතර 29 හා ඔක්තෝබර් 2 එම තරග පැවැත්වෙනවා. 20 20 තරග ඔක්තෝබර් 5,7,9 යන දිනයන්හිදී පැවැත්වෙනවා. 2009 මාර්තු 3 වනදායින් පසු ශ්‍රී ලංකා කණ්ඩායමක් සම්පුර්ණ තරගාවලියකට පකිස්තානය බලා යන පළමු අවස්තාව මෙයයි.

පකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයට යමින් සිටි ශ්‍රී ලංකාවේ එවකට සිටි අද වන විට නම ගිය හිටපු ක්‍රීඩකයන් ජීවිතය බේරා ගත්තේ බස් රථයේ රියදුරුගේ අරුම පුදුම වාසනාවන්ත උපක්‍රම නිසයි. තිලාන්, අජන්ත, ලක්මාල් වැනි ක්‍රීඩකයන් එයින් තුවාල ලැබුවා.

LEAVE A REPLY