ලංකාව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පහලම ශ්‍රේණිගත කිරීමට වැටෙයි

0
352

2019 ලෝක කුසලානයට පෙර අවසන් හා නවතම ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් මේ වන විට නිකුත් කර ඇති අතර ලංකාවට එහි හිමව ඇත්තේ 9 වන ස්ථානයයි. එම අයිසිසි ශ්‍රේණිගත කිරීම් කරන්න පටන් ගත් දිනයේ සිට ලංකාව පහතට වැටුන අන්තිම ස්ථානය මෙයයි. ඒ 9 වන ස්ථානයට ලංකාව වැටි ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.

සුපිරි දස්කම් අතර සිටින එංගලන්තය ලකුණු 123 ක් ලබා අංක එකත් 121 ක් ලබා ගනිමින් තියුණු ලෙස අංක දෙකට ඉන්දියාව වැටි තිබෙනවා. දකුණු අප්‍රිකාව නවසීලන්තය ලෝකශුර ඔස්ට්‍රේලියාව පිළිවලින් අංක 3 4 හා 5 යන ස්ථාන ගෙන තිබෙනවා. එසේම ලංකාවට වඩා සැහෙන්න පහතින් සිටි ඒ වගේම ලංකාවේ විශේෂඥයන් ගොස් ක්‍රිකට් සාදා දුන් බංගලාදේශය ලකුණු 86 සමග 7 වන ස්ථානයට පත්ව තිබෙනවා.

ලංකාවට හිමිව ඇත්තේ ප්‍රසාධ ලකුණු 76 පමණක් වන අතර 8 වන ස්ථානයේ සිටින්නේ ලකුණු 80 ලබාගත් කොදෙව්වන් වේ. 10 වන ස්ථානයේ සිටින්නේ ලංකාවට ප්‍රභල අභියෝගයක් වී ඇති ඇෆ්ගන් කණ්ඩායමයි.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ලංකාව තවමත් 6 වන ස්ථානයේ සිටින අතර ලකුණු 94 ලබාගනිමින්. අංක එක ඉන්දියාව ලකුණු 113 යි අංක දෙක නවසීලන්තය ලකුණු 111 යි. අංක තුනට දකුණු අප්‍රිකාව වැටුනේ ලංකාවෙන් ලද පරාජයත් සමග වන අතර ඔවුන් ලකුණු 108 යි. එංගලන්තය ලකුණු 105 හතරවන ස්ථානය. ලකුණු 98 සමග ඔස්ට්‍රේලියාව අංක 5.

2020 තරග රටාවේ අංක එක ලෝක ශුර පකිස්ථානය සිටින අතර දෙක දකුණු අප්‍රිකාව තුන එංගලන්තය හතර ඔස්ට්‍රේලියාව පහ ඉන්දියාව වෙයි. ලංකාව සිටින්නේ 8 වන ස්ථානයෙයි.

කෙසේ වෙතත් ලංකාවේ ඉතිහාසයේ දරුණුතම එක්දින පසුබෑම මේ වන විට සිදුව තිබෙනවා බව දත්ත වාර්තා ඔප්පු කර පෙන්වනවා. එයට හේතුව ස්ථාවර නායකයෙක් හෝ ස්ථාවර ක්‍රීඩකයන් නොමැතිවීම විය හැකි අතර දිර්ගකාලින සැලසුමක් එක්දින කණ්ඩායමේ කිසිම විටක දුටුවේ නැති අතර ක්‍රීඩකයන්ගේ පාලකයන්ගේ පුහුණුකරුවන්ගේ කිසිදු සාමුහිකත්වයක් නොදුටු අතර එකිනෙකා කුලල් කාගනිමින් මේ වන විට තේරුම් කමිටුව පගාවට පවා ක්‍රීඩකයින් ඇතුල් කරමින් සිටීම මේ පසුබෑම හා වින්ශයට හේතුවයි.

LEAVE A REPLY