ලංකාවේ ක්‍රීඩකයන්ට හරියට පහසුකම් දෙන්න බැරි පාලකයෝ කොදෙව් ක්‍රිකට් ගොඩ දාන්න මිලියන ගානක ණයක් දෙන්න යයි

0
906

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරමග නවතා දැමීමේ අවදානමක් පිළිබදව පසුගිය දිනවල පුවත් පළවූවා. ඒ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූල්‍යයම තත්වය දුර්වලව තිබූ නිසා.

කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ කණ්‌ඩායම මුහුණ දී ඇති මූල්‍යමය තත්ත්වය පිළිබඳව සලකා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ඔවුන්ගේ ඉල්ලීම පරිදි මිලියන ගණනක ණයක්‌ ලබාදීමට තීරණය කර ඇතැයි මුද්‍රිත මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අදාළ ණය මුදල ලබා දීම සම්බන්ධයෙන් සුබවාදී අදහසක්‌ කොදෙව් ක්‍රිකට්‌ ආයතනයට දන්වා ඇති අතර එම මුදල කොපමණද යන්න මෙතෙක්‌ තීරණය කර නොමැත. අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සාධාරණයක්‌ ඉටු කිරීමට තරම් මූල්‍ය ශක්‌තියක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සතුව ඇති බව ක්‍රිකට්‌ ප්‍රධානියෙකු මුද්‍රිත මාධ්‍යයට පවසා තිබේ.

මේ වනවිට පාකිස්‌තානය සහ කොදෙව් ක්‍රිකට්‌ ආයතන වල පවතින මූල්‍යමය අර්බුධකාරී තත්වය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයෙන්ද ණය මුදල් ඉල්ලා තිබේ.

මූල්‍යමය තත්වය අතින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලාභ ලබා තිබීම හේතුවෙන් අදාළ උපකාරය කිරීමට පැකිලීමකින් තොරව ඉදිරිපත්වූයේ දෙරටේ ක්‍රිකට්‌ මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට සහ මේ වසරේ සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට කොදෙව් ක්‍රීඩකයින් සම්බන්ධ කර ගැනීමේ මූලික පරමාර්ථය ඇතිවය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම ලබන සතියේදී බටහිර ඉන්දීය කොදෙව්හි සංචාරය කිරීමට නියමිත අතර එහිදී ටෙස්‌ට්‌ තරග තුනක්‌ පැවැත්වීමට නියමිතව තිබුණ ද අදාළ ටෙස්‌ට්‌ තරග 3 වෙනුවට ටෙස්‌ට්‌ තරග දෙකක්‌ පවත්වා එක්‌දින තරගාවලියක්‌ පැවැත්වීමට දෙරටේ ක්‍රිකට්‌ ආයතන සාකච්ඡා කර තිබේ.

ඒ අනුව පළමු සහ දෙවැනි ටෙස්‌ට්‌ තරග වලින් අනතුරුව එක්‌දින හෝ විස්‌සයි විස්‌ස තරගාවලියක්‌ පවත්වනවාද යන්න පිළිබඳ අවසන් තීරණය අද (22දා) හෝ හෙට (23දා) දෙරටේ ක්‍රිකට්‌ බලධාරීන් ස්‌ථිර එකඟතාවකට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මූල්‍ය ශක්‌තිය වර්ධනය කරගැනීම සඳහා අගෝස්‌තු මස එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගාවලියේ ප්‍රවේශපත් ගාස්‌තුවද වැඩිකර තිබෙන අතර එම තරගාවලියෙන් මිලියන ගණනක ලාභ ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සැලසුම් කර ඇත.

LEAVE A REPLY