ලංකාවේ ඒඩ්ස් රෝගීන් 3500 න් 154 ක් පන්සල්වල – නිල්වලා හිමිකරු සමග රන්ජන් වාදය

0
15824

දැඩි පොහොට්ටුවදියකු වන නිල්වලා කැසට් හිමිකරු උපුල් ජයසිංහ නැමැත්තා සමග රන්ජන් කල වාදයක හඬ පටිය එලිවී තිබෙනවා. ඒ හාමුදුරුවරු සම්බන්ධ ප්‍රකාශයක් කල අවස්ථාවක රන්ජන් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් කරමින් උපුල් නැමැත්තා මුදාහල වීඩියෝවක් සම්බන්ධයෙන් දුන් ඇමතුමක් පිලිබදවයි.

එහි උපුල් නැමැත්තා රන්ජන්ට පවසන්නේ මොන වරද කලත් එය විවේචනය නොකළයුතු බවත් බුදු රජාණන් සමයේ එවැනි චිවරදාරින් සිටි නිසා දැන් හඳුරුවරු රහත්වී නැති නිසා එවැනි අකටයුතුකම් විය හැකි බවයි. රන්ජන් විමසන්නේ එහෙනම් ඒවාට විසදුම් දෙන්නේ කවුද අදාළ පිරිස් නෙරපන්නේ කවුද යන්නයි.

රන්ජන් ආගමක් නොමැතිව කතෝලික පුජකයන්ද වරදක් ඇති නම් විවේචනය කරන බවත් මෙල්බන් කාදිනල් වරයෙක් ළමා දුෂණයක් සම්බන්ධයෙන් අදටත් හිරේ ඇති බව ප්‍රසිද්දියේ පවසන බවත් ඔහු පවසනවා.

කෙසේ වෙතත් ලංකාවේ ඒඩ්ස් රෝහීන් 3500 පමණ අතර 154 ක් සිවුරු දරාගෙන සිටින අය බව ඒඩ්ස් මර්ධන වැඩසටහනේ ප්‍රධාන වෛද්‍ය වරයා තමන්ට ලේකනය දී ඇති බවත් ඔවුන්ට කටක් ඇර කොන්ඩම් පාවිච්චි කරන්න යයි කිව නොහැකි බවත් එම වෛද්‍ය වරයා පැවසු බව පවසනවා. මාදුළුවාවේ සොබිත හිමි කුඩා හිමිවරු සම්බන්ධයෙන් එවකට හඩක් නැගු බවද එහි කතාවනවා.

ඔවුන් දෙදෙනා අතර සිදුවූ සාමකාමී වාදයේ සම්පුර්ණ හඬ පටිය පහතින්..

LEAVE A REPLY