ලංකාවට තියන වතුර ටික හරියට ප්‍රයෝජනයට ගන්න සැලසුම් නැතිව ඉද්දි අරාබියට වතුර දෙන්න ඇන්ටාක්ටික් අයිස් කුට්ටි ඇදගෙන එන්න සැරසෙයි

0
505

>එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින් ජල අර්බුදයට ඉතා සිත්ගන්නා සුළු විසදුමක් ඉදිරිපත් කිරීමට එරට බළධාරීන් සැරසෙයි.

ඒ අනුව ඇන්ටාක්ටික් මහාද්වීපයේ පාවෙන හිම කුට්ටි එක්සත් අරාබි එමීරයේ වෙරළට ඇදගෙන ඒමේ ව්‍යාපෘතියක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් තීරණය කර ඇත.

හරිත ආර්ථිකයක් කරා යන එරට නිර්මාතෘවරයා සිහිකිරීම වෙනුවෙන් මේ වසරේ සිට ක්‍රියාත්මත ‘ සයේඩ් වර්ෂය ‘ වෙනුවෙන් ක්‍රියාත්මක මෙම නියමු ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 60ත් මුදලක් ආයෝජනය කිරීම විශේෂත්වයකි.

මෙම පරිසර නියමු ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් 2020 වසරේ මුල භාගයේ සිට විශාල හිම කුට්ටි එමීර් රාජ්‍යයට රැගෙන ඒමටයි සැලසුම් කර තිබේ.

නියමු ව්‍යාපෘතියේදී ඇන්ටාක්ටිකා අයිස් පළමුවෙන්ම ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට හෝ දකුණු අප්‍රිකාවේ කේප් තුඩු වෙරළට රැගෙන ඒමට නියමිතයි.

දැවැන්ත හිම කුට්ටි සිය වෙරළේ රඳවා තැබීමෙන් උතුරු හෝ දකුණු ධ‍්‍රැව වෙත නොගොස් සංචාරකයන්ට ඒවා දැක ගැනීමට ද අවස්ථාව සැලසෙන බව එමීර් බලධාරීහු ප්‍රකාශ කරති.

LEAVE A REPLY