යතුරුලියන රණශුරයා ලෙස ලොව ප්‍රසිද්ධියට පත්වූ වසර 19 ක් යන්ත්‍රවලින් ඇඳක් මත ජීවත්වී එක ඇගිල්ලෙන් පොත් 3ක් ලියු ලාංකිකයා අවසන් ගමන් යයි

0
1457

කුඩා කළ සිටම රෝගී තත්වයක් නිසා ඇඳකට වී අප්‍රාණිකව සිටියත් ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත් ඉර්ෆාන් හාෆිස් තම ජීවන ගමනට සමු දී තිබෙනවා.

මිය යනවිට වයස අවුරුදු 37ක් වූ ඔහු පසුගිය කාලය පුරාම ජාත්‍යන්තර මට්ටමින් කතාබහට ලක්වුනේ ශරීරයේ අවයව ක්‍රියාකරවීමට පවා නොහැකි තත්වයක සිටියදී කළ නොහැක්කක් නොමැති බව පෙන්වා දෙමින් පරිගණකය ආධාරයෙන් පොත් තුනක් රචනා කිරීම හේතුවෙන්.

වයස අවුරුදු දහ අටේදි සිය පේශී පද්ධතියම බිද වැටි ඇදට සීමා වූ ඔහු ජීවිතය ජය ගත් අයුරු දැක්වෙන වීඩියෝවක් ලොව ජනප්‍රියතම සමාජජාලා වීඩියෝ නිෂ්පාදකයෙකු වන නුසීර් යසීන් විසින් නිෂ්පාදනය කර තිබුණා.

අලුත්ගම, ධර්ගා නගරයේ ජීවත් වන ඉර්ෆාන් හෆීස් වයස අවුරුදු දහඅටේ සිට පේශී පද්ධතිය බිද වැටීමේ රෝගයට ලක්ව සිටි ඇති අතර එතැන් සිට යන්ත්‍රයක ආධාරයෙන් ජීවත්වුනා. ඔහුට ක්‍රියා කරවිය හැකිව තිබුනේ එක ඇඟිල්ලක් පමණයි.

නමුත් ඇඳකට සීමාවී සිටි ඔහු තමන්ට ක්‍රියා කළ හැකි වූ එකම ඇඟිල්ලෙන් සිය ලැප්ටොප් පරිගණකයේ සහ ඇපල් දුරකථනයෙන් යතුරු ලියනය අරඹා තනිව ඉංග්‍රීසි බස ඉගෙනගනිමින් සිය දුරකථනය සහ පරිගණකය ආධාරයෙන් ග්‍රන්ථ තුනක් ලියා අවසන් කර තිබුණා.

ඉර්ෆාන් පිළිබදව ලෝකයේම අවදානයට දිනාගත් වීඩියෝව පහතින්

LEAVE A REPLY