මෙවර පොහොට්ටුවට තුනෙන් දෙක නැති බව බැසිල් විසින්ම පිළිගනී, සැලුන් දොර විවෘතයි

0
1109

පොහොට්ටු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ (2) මාධ්‍ය සාකච්චාවක් පැවැත්වූව අතර එහිදී ඔහු පවසන්නේ 130 කට වඩා ප්‍රමාණයක් ඔවුන්ට ලබාගත හැකි බවයි. නමුත් දැනටමත් මන්ත්‍රීවරු 5 කට වඩා නියත වශයෙන් විපක්ෂ කන්ඩායම් වලින් එකතුවීමට නියමිත බවද ඔහු පවසනවා.

නමුත් බුද්ධි වාර්තා පදනම් කරගත් ආරංචි මාර්ග අනුව අනුමානය වන්නේ පොහොට්ටුවට 120 ත් 125 ත් අතර ප්‍රමාණයකුත් සජබේට 60 ක ආසන්න ප්‍රමාණයකුත් එජාපයට 20 කට ආසන්න ප්‍රමාණයකුත් ජවිපෙට 4 ක් හෝ 5 ක් වැනි ප්‍රමාණයකුත් බෙදී යා හැකි බවයි.

අනුමානයන් ඒ ආකාරයෙන්ම සත්‍යක් විය නොහැකි අතර අනුමාන වාර්තාවක් අකුරක් නෑර සත්‍ය ප්‍රතිපලයේ එනවානම් එය නැවත නැවත දෙතුන් වරක් සිතා බැලීමට කාරනාවක් විය යුතුයි.

කෙසේ වෙතත් 2/3 ක් අනිවාර්යෙන් පොහොට්ටුව ගන්නවා යන ඉලක්කය මේ වන විට ඔවුන් විසින්ම නිර්මාතෘ විසින්ම අතහැර තිබීමත් එක අතකට ප්‍රතිපල පැමිණීමට පෙරම යම් පරාජයකි. කෙසේ වෙතත් මේ 150 ට අඩුවන යම් මන්ත්‍රී දුර ප්‍රමාණයක් ඇතොත් ඒ ප්‍රමාණය පිරවීමට ඔවුන් කටයුතු කරන ඇති බව ප්‍රසිද්ධ රහසකි.

එනිසා මේ මදිවන මන්ත්‍රිදුර 20 හෝ 25 ක ප්‍රමාණය සදහා මේ වන විටත් යම් එකගතාවන් විපක්ෂ දේශපාලකයන් සමග පවත්වා ඇති බව මිට පෙර ලිපියක අපම ගෙන ආවා. එජාපයෙන් වෙන්වී ගොස් නිර්මාණය කර ඇති ටෙලිපොන් ලකුණ අයිති සන්ධානයේ පිරිස් අතර හකීම්ගේ මුස්ලිම් කොන්ග්‍රසය බදුර්දීන් ගේ පක්ෂය දිගම්බරන්ගේ පක්ෂය වඩිවේල් සුරේෂ් පක්ෂය මනෝ ගනේෂන්ගේ පක්ෂය වැනි කණ්ඩායම් සිටින අතර ඔවුන්ට ඕනෑම අවස්තාවක ස්වාධීනව තීරණයක් ගැනීමට හැකි කණ්ඩායම් වේ.

ඊට අමතරව දින 52 දී එජාපයට පැමිණි පිරිස හා 2014 දී එජාපයට පැමිණි පිරිස නැවත බැසිල්ගේ කදවුර සමග එක්වීමට විශාල ගැටළුවක් ඔවුන්ට නොමැති බවයි සදහන් වන්නේ. කෙසේ වෙතත් ඊට අමතරව එජාපයේ සිටි මධ්‍යම පළාතේ හිටපු ප්‍රබලයෙක් මෙවර සජබේ අපේක්ෂකයෙක් ඇමති දුරයක් සමග හුවමාරු වීමටත් ඔහුගේ සුප්‍රසිද්ධ දියණියට පළාත්සභා නාමයෝජනා ලබා ගැනීමටත් සාකච්චා කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

තවද ඌව පළාතේ දිස්ත්‍රික්කයක එජාපයේ කලක් සිටින ප්‍රසිද්ධ දේශපාලන පවුලක සජබේ අපේක්ෂකයෙක් ද ආණ්ඩුවට එකතුවී තම පුත්‍රයාට සංවිධායක දුරයක් ලබා ගැනීමට සාකච්චා කර ඇති බව සදහන් වේ. එම හිටපු ඇමතිවරයා දින 52 දී මහින්ද සිරිසේන ආණ්ඩුවට එකතුවීමට පොරොන්දු වී පසු අධිකරණ තීන්දුව නිසාවෙන් නැවත නතරවූ පුද්ගලයකු බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් එජාපය දෙකඩ කර බිහිවූ සන්ධානයේ විශාල පක්ෂ හා විවිධ මතදාරී පිරිස් සිටින නිසාවෙන් ඒ පිරිස් එක මතයක රදවා ගැනීමට මැතිවරණයෙන් පසු නායකත්වයට විශාල උත්සහයක් ගැනීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

මේ පසුබිම හමුවේ 2/3 නිර්මාණයට මදිවන මන්ත්‍රිදුර ප්‍රමාණය 20 හෝ 25 හෝ එම ගණන ටෙලිපොන් සන්ධානයෙන් ලබාගැනීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. ඒ වෙනුවෙන් 19 වන සංශෝධනය අනුව ඇමති දුර සිමා කර ඇති නිසා පළමුව එම කණ්ඩායම් වලට කැබිනට් ඇමතිදුර 6 ක් ලැබෙනු ඇති බවත් රාජ්‍ය නියෝජ්‍ය ඇමතිදුර කිහිපයක් ලැබෙනු ඇති බවත් ආරංචි මාර්ග සදහන් කරයි.

ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු සිමා ඉවත් කරගැනීමෙන් පසු රිසි සේ 2015 පෙර මෙන් ඇමතිදුර නිර්මාණය කරගැනීමේ ක්‍රමයක් ස්ථාපිත වෙනු ඇතැයි විචාරකයන්ගේ අදහසයි.

මේ බැසිල් රාජපක්ෂගේ මාධ්‍ය හමුව

LEAVE A REPLY