බාහිර බලපෑම් වැඩි වීම නිසා විපක්ෂ නායකගේ ලේකම්වරයා ඉල්ලා අස්වීමට තීරණය කරයි. අයවැය අභියස සජබේ අර්බුධය

0
473

විපක්ෂනායක කාර්යාලයේ කටයුතු වලට ජනතා නියෝජිතයින් නොවන බාහිර පාර්ශවයන්ගෙන් සිදුවන අත්තනෝමතික අතපෙවීම් හා ඇගිලි ගැසීම් හේතුවෙන් උසස් නිළධාරීන් කළකිරීමට පත්ව කාර්යාලය හැරගොස් ඇතිබව අනාවරණය වේ.

විපක්ෂනායකවරයාගේ සමීපතයින් හා හිතවතුන් යැයි කියාගන්නා පිරිස් මෙම බලපෑම් කරන බව සමගි ජනබලවේග පක්ෂයේ නියෝජිතයෙක් පැවසීය.

මෙම බාහිර බලපෑම් හේතුවෙන් ඉහළ රාජ්‍ය නිළධාරින් කාර්යාලය අතහැර යෑම ඉදිරි අයවැයට විපක්ෂයක් ලෙස සාර්ථකව මුහුණදිම අඩපණ කිරීමක් බවද එම නියෝජිතයා පෙන්වා දුන්නේය.

සති කීපයක් තිස්සේ පාර්ලිමේන්තු විපක්ෂනායක කාර්යාලයට පැමිණ නොමැති විපක්ෂනායක වරයාගේ ලේකම් වරයා ඊයේ (10)දින වන විට ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හා ප්‍රධාන පරිපාලන නිළධාරී ධූරයන්ද මේ වන විට හිස්ව ඇති බව පැවසේ.ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයා වෙනත් අමාත්‍යාංශයකට මාරුවීමක් ඉල්ලා ගොස් ඇත්තේද මෙම බාහිර බලපෑම් හේතුවෙන් බව කියැවේ.

රජය ඉදිරිපත් කරන අයවැය විවාදයට ලක්කිරීම විපක්ෂයේ කාර්යබාරයක් හා වගකීමක් වන අතර එම කටයුතුද වලට මෙමගින් බලපෑම් විය හැකි බව කාර්යාල අභයන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.ලබන 17 දින ආරම්භ කෙරන විවාදයේ අයවැය කාලසටහන සැකසීම ,මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තු විවාද කාල වෙන්කිරිම විපක්ෂනායක කාර්යාලයේ කාර්යයයක් වන අතර අත්තනෝමතික බලපෑම් හා ඇගිලිගැසීම් මෙම කටයුතුවලට බාධා එල්ලකර ඇති බවද කියැවේ.

LEAVE A REPLY