පුතානොගේ ගොන් කල්ලියට ආයුබෝවන් කීමට එජාප කොටසක් සුදානමින්

0
1160

ජනපති අපේක්ෂක කම හයිජැක් කලාක් මෙන් විපක්ෂ නායක කම හා එජාප නායක කම බලහත්කාරෙන් ගැනීමට සජිත් ඇතුළු ඔහුගේ කන්න දෙන අත හපා කන රස්තියාදු මැක්කෝ රැල දිගටම කැරලි ගසමින් සිටි.

ඒ අනුව පසුගිය මැතිවරණයේදී එජාප උගත් බුද්ධිමත් මධ්‍යම පාන්තික චන්ද ගොඩ එජාපයට අහිමිව ගියාක් මෙන් බොලද දේශපාලන අතින් කිසිදු උපක්‍රමයක් නොදන්නා ජාත්‍යන්තර සහයක් නොමැති පෞර්ෂයක් නැති දරගැනිමක් නැති ලපටි පුද්ගලයකුට විපක්ෂ නායක කම හා වසර 71 ක් නොසැලී ගෙන ආ පක්ෂයේ නායක කම යාම තුල රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි පහරක් එල්ල වනු ඇති.

රටක ශක්තිමත් විපක්ෂයක් නැතිවූ පසු ඕනෑම ආණ්ඩුවක් ශක්තිමත් වන අතර ඕනෑම බලු වැඩක් කරද ඔවුන්ට කිසිම අභියෝගයක් එයින් නොමැති වනවා. පරාජය දරාගැනීමට නොහැකිව සති 2 ක් පමණ නිදා සිටියදී බලහත්කාරෙන් ගෝලයෝ රැල නැවත දේශපාලනයට එන්නට බැ කියද්දී ගෙන ආවත් මොහුට කියා වෙනම සැලැස්මක් දැක්මක් ඇත්තේ නැ.

එවන් පුද්ගලයෙක් නායකයා කරවන්නට පසු පස සිටිනවුන් වලිකන්නේ කොටසක් එජාප නායක කම කලින්ම ලබා ගැනීමේ යටි අරමුණකට වන අතර, තව කොටසක් උත්සහා කරන්නේ ආණ්ඩු කල සමයේ කිසිදු සේවයක් ආසනයට නොකළ නිසා සජිත්ගේ ගෝලයෙක් යයි පෙන්වා මීලග පාර්ලිමේන්තුවට පැමිණීමට මග පාදා ගැනීමටයි.

ඒ අතර රාජපක්ෂ කල්ලියෙන් මුදල් ගෙන කොන්තරාත් කරන පිරිසකුත් සිටින අතර ඔවුන්ගේ වගකීම වන්නේ එජාපය දිය කර හරිම මගින් රාජපක්ෂ බල කදවුර සදාකාලිකවම රැක ගැනීමටයි. එය මීලග පාර්ලිමේන්තුව ජයගැනීමෙන් පසු සමහර පිරිස් ගෙම්බා පැනීමක් මත දැක ගත හැකි වේවි.

කෙසේ වෙතත් මේ වන විට එජපය පැහැදිලිව කදවුරු 2 ට බෙදී ඇති අතර සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනීසිටින කොටස හා ඔහුගේ නායකත්වයක් තුල කිසිදු ජයග්‍රහණයක් හෝ දැක්මක් දැකිය නොහැකි යන කොටස ලෙසයි. කෙසේ වෙතත් සජිත්ගේ පාර්ශ්වය පක්ෂයක් සැදීමට කටයුතු කරන බවට සාවද්‍ය ප්‍රකාශ කරමින් නායක කම් කොල්ල කෑමට සුදානම්ව සිටියත් උගත් බුද්ධිමත් චන්ද පදනමට අයත් මන්ත්‍රීවරු මේ වන විට වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සුදානමක් ඇති බවයි වාර්තා වන්නේ.

සජිත් විපක්ෂ නායක වූ පසු පක්ෂ නායකයා බවට පත්වුවහොත් තිස්ස අත්තනායක නම් ශ්‍රී ලංකා දේශපාලනයේ අවාසනාවන්තම පුද්ගලයා එහි මහලේකම් කිරීමට සුදානමක් පවතී. එනිසා දිනක එජාපය ජයගන්නවා යයි සිතීමත් විහිලුවකි.

කෙසේ වෙතත් විපක්ෂ නායකයා යනු රටක තුන්වන ඉහලම තනතුර වන අතර සාමන්යෙන් මීලග නායකයා වන පුද්ගලයා මෙම තනතුර හොබවයි. කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති එසේම දේශපාලන ඥානය නොමැති අයකු එම තනතුරට පිරිසක් විසින් බලහත්කාරෙන් ගෙනවිත් පුටුවේ ඉන්දවිමෙන් එම කාර්ය ඔහුට කළහැකිද යන්නත් හාස්‍යක්.

ජනපති අපේක්ෂක කමත් පිරිසක් ඔසවාගෙන ඇවිත් තැබූ නිසා තරග කල බවත් සජිත්ට උවමනාවක් නොතිබූ බවත් ඔහුගේ මව ප්‍රසිද්දියේ පවසා සිටියා. විපක්ෂ නායක හා නායක කම යන තනතුරු දෙකට මෙවර පත්වීමට නියමිතද එම ප්‍රතිප්ලයම මතයි.

එජාප පිරිසක් හා තවත් දේශපාලනයේ සිටින පිරිස් ගණනාවක් එකතුවී විකල්ප දැවැන්ත පොදු සන්ධානයක් නිර්මාණය කිරීමට මේ තීරණයත් සමග දේශපාලනයේ හිනි පෙත්තටම ගිය ප්‍රභල දේශපාලන චරිතයක් මේ වන විට සුදානමින් සිටින අතර නිදහස් පක්ෂය පන නැති නායකයකු අතට පත්වීම මත දියවී ගියාක් මෙන් එජාපය දියවී ගියත් ලංකා දේශපාලනයේ ප්‍රභල විපක්ෂයක් නිර්මාණය කර ආණ්ඩු බලය ලබාගැනීමට එම කණ්ඩායම මේ වන විටත් මුලික කටයුතු සැලසුම් කර අවසන් බව අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරනවා.

තවද එජාපයේ සිට කිර්තිනාමය හානි කරගත් කොටසද මෙම බලවේගයට ඇතුලත් නොකරගැනීමටද වෙනස්ම වූ බලවේගයක් සැදීමටද තීරණය වී ඇත.

LEAVE A REPLY