පිටිය මැද අත්දැකීම් අඩු කණ්ඩායමක් සමග කෝන්තරයකින් ක්‍රීඩා කිරීම නිසා ලොව ප්‍රභලම මෙසී ඇතුළු ආර්ජන්ටිනාව විසිවෙන ලකුණු. කුරෙශියාවෙන් දරුණු පරාජයක්

0
1181

මෙවර පාපන්දු ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්වූ කණ්ඩායමක් වූ ආර්ජන්ටිනා කණ්ඩායම ඊයේ දින (21) තවත් අමිහිරි පරාජයකට ලක්වුනා. ඒ ක්‍රෝඒෂියා කණ්ඩායම හමුවේ ය. මේ අනුව සුපිරි කණ්ඩායම් 16 වටයට ප්‍රවිශ්ඨ වීම පවා ආර්ජන්ටිනා කණ්ඩායමට අතිශය අපහසු තත්වයකට පත්ව තිබෙනවා.

දැල රකින ක්‍රීඩක විලී කබේලෙරෝ, මැදපෙල ක්‍රීඩකයන් සහ ආරක්ෂකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය ආර්ජන්ටිනා කණ්ඩායමට මෙම පරාජය අත්වීමට ප්‍රධානම හේතුන් වූවා. ආර්ජන්ටිනා කණ්ඩායමේ කළමණාකරු විසින් ඊයේ දින පසුපෙල ආරක්ෂකයන් තිදෙනෙකු පමණක් යොදවා ක්‍රීඩා කරවීමද ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

ක්‍රෝඒෂියානු කණ්ඩායම සුපිරි ආර්ජන්ටිනා ක්‍රීඩක ලයනල් මෙසී ආවරණය කරමින් ඔහු හුදෙකලා කරමින් ක්‍රීඩා කළ අතර ඔවුන් අපේක්ෂා කළ සේම සෙසු ආර්ජන්ටිනා ක්‍රීඩකයන් සුපුරුදු දුර්වල ක්‍රීඩා විලාසයට අවතීර්ණ වූයේය.

තරගයේ පළමු භාගයේදී දෙපිලම ගෝල රහිතව සිටි අතර දෙවැනි භාගයේ 53 වැනි මිනිත්තුවේදි ආර්ජන්ටිනා ගෝල රකින්නා විසින් සිදු කළ අත්වැරැද්දක් නිසා ක්‍රෝඒෂියානු කණ්ඩායම පළමු ගෝලය වාර්තා කළේය.

ආජන්ටිනාවේ මුළු බරම කරපින්නා ගත් නායක ලයනල් මෙසී දහසක් බලාපොරොත්තු පොදි බඳිමින් සිටියදී සිදුවූ මේ අනපේක්ෂිත සිදුවීමෙන් මෙසීගේ කණ්ඩායම බිමටම ඇද වැටිණි.

එය සිදුවූයේ ක්‍රොඒෂියාවේ ඇන්ටේ රෙබිච් පන්දුව රැගෙන පැමිණ ගෝල් කණුවට මීටර් කිහිපයක් නුදුරින් සිට එල්ල කළ පහර සුරක්ෂිතව රැක ගැනීම වෙනුවට ප්‍රතිවාදී ක්‍රීඩකයාට එපිටින් සිටි තම සගයා වෙත යාමට කබේලෙරෝ විසින් පා පහරක් එල්ල කරන්නට යාමෙනි. ඔහු ගැසූ පහරින් කැරැකී ගිය පන්දුව ලැබුණේ රෙබිච්ටමය.

ඔහු එය නිවැරැදි ඉලක්කයට යොමු කරමින් ක්‍රොඒෂියාවට පළමු ගෝලය ගෙන දුන්නේය.

ක්‍රෝඒෂියානු නායක ලූකා මොඩ්රිච් ක්‍රෝඒෂියාව වෙනුවෙන් දෙවන ගෝලය රැස් කලේ තරගයේ 80 වෙනි මිනිත්තුවේදීය. තරගයේ අවසන් මොහොතේ බාසිලෝනා ක්‍රීඩා සමාජය නියෝජනය කරන සුපිරි ක්‍රීඩක ඉවාන් රැකිටිච් ක්‍රෝඒෂියානු කණ්ඩායම වෙනුවෙන් තරගයේ තෙවන ගෝලය වාර්තා කළේය.

ගෝල රැස් කර ගැනීමට තිබූ ඉතා පහසු අවස්තා කිහිපයක්ම ආර්ජන්ටිනා මැදපෙල ක්‍රීඩකයන් විසින් මග හැරීම විශේෂත්වයකි.

එසේම ආර්ජන්ටිනාව කොරෙශියාව සමග දැඩි තරහකින් තරග කිරීමද මේ තරගය පරාජය වීමට හේතුවක් වුවා. මෙසී පවා කොරේශීය ක්‍රීඩකයින්ට අත දිගු කරමින් කලබල ඇතිකරගැනීමට උත්සහා කළා. එයින් පීඩනය ආර්ජන්ටිනාවටම නැවත පටවා ගත්තා.

නයිජීරියා තරගය අනිවාර්යෙන් ජයගත යුතුවුවත් අයිස්ලන්තය ප්‍රභල ලෙස ක්‍රීඩා කරන නිසාත් ඔවුන්ට තව තරග දෙකක් තිබෙන නිසාත් ලොව ප්‍රභාලයාගේ අවසන් ලෝක කුසලානය පළමු වටයෙන්ම අවසන් වීමට බොහෝ ඉඩ කඩ ඇත

මෙම ජයග්‍රහණයත් සමග ක්‍රෝඒෂියාව සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර ආර්ජන්ටිනාව බොහෝ විට පළමු වටයෙන්ම ඉවත් වීමට ඉරණම තීන්දු කරගත්තේය

LEAVE A REPLY