පැරැන්නන් ලංකාවට ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිවේ බොරුවට නොවේ. මන්නාරම් ද්‍රෝණියේ තෙල් හොයද්දි වසර 20 ක් ගත හැකි ස්භාවික වායු නිදියක්.

0
1294

වසර 20 ක කාලයක්‌ මෙගවොට්‌ 300 බැගින් විදුලිය නිපදවිය හැකි ස්‌වභාවික වායු නිධියක්‌ මන්නාරම් ද්‍රෝණියෙන් හමුවී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය.

මෙම නිධිය ඝන අඩි 350 කින් යුක්‌ත බවත් එය සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට විවෘත ටෙන්ඩර් කැඳවීමක්‌ ඉදිරි දිනවලදී සිදුකිරීමට නියමිත බවත් (22 දා) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඇමැතිවරයා පැවසීය.

තෙල් සහ ගෑස්‌ නිධි ගවේෂණය කරන “ස්‌ලම්බුජා” නමැති ජාත්‍යන්තර සමාගම විසින් මන්නාරම් ද්‍රෝණිය කොටස්‌ කර කළ නිරීක්‍ෂණයේදී ‘එම් 2‘ ලෙස නම් කළ කොටසේ මෙම ස්‌වභාවික ගෑස්‌ නිධිය පවතින බවද ඇමැතිවරයා අවධාරණය කර සිටියේය.

Image result for gas mine

මෙම නිධිය මන්නාරම් ද්‍රෝණියේ මීටර් 1500 ක ගැඹුරු මුහුදේ සිට තවත් මීටර් 2000 ක්‌ පමණ භූගතව පිහිටා තිබෙන බවද ඇමැතිවරයා කීය.

මෙම නිධිය ලබාගැනීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 750 ක පමණ ආයෝජනයක්‌ කළ යුතු බවද ඒ සඳහා ජාත්‍යන්තර වෙළෙඳපළේ ටෙන්ඩර් කැඳවීමක්‌ සිදුකරන බවද ඇමැතිවරයා පැවසීය.

Image result for gas mine

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් සම්පත තිබේදැයි සොයා මේ දිනවල පරීක්‍ෂණ සිදුකරන බවත් එයට තව මාස 06 ක්‌ වැනි කාලයක්‌ ගතවන බවත් ඒ මහතා කීය.

Image result for gas mineRelated imageRelated image

 

LEAVE A REPLY