පාතාල මදුෂ් සහ පිරිස කොටු කලේ ලංකාවේ ලතිෆ්ගේ සැලැස්මකට අනුවලු අංගොඩ ලොක්කා පැනගිහින්ලු දින කිහිපයක් ඇතුලත කුදලාගෙන එනවාලු

0
807

ලංකාවේ අපරාධ රාශියකට වගකිව යුතු පාතාල නායක සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත ‌හෙවත් මාකඳුරේ මධූෂ් නමැත්තා සහ තවත් පාතාල නායකයක් පිරිසක් ද සමග විවිධ අපරාධ වලට සම්බන්ධ 20 ක පමණ පිරිසක් අබුඩාබි පොලිසිය මගින් 4 දා රාත්‍රී අත් අඩංගුවට ගැනීමේ මහ මොළ කරුවා අන් කිසිවෙක් නොව අවසන් තත්පරයේදී සේවා දිගුවක් ලැබූ එස්ටීඑෆ් කොමඩාන් ජ්‍යෙ. නි. පොලිසිපති එම්.ආර්. ලතීෆ් මහතා බව මේ වන විට වාර්තා කරමින් යනවා.

ලතීෆ් මධූෂ්ව අත් අඩංගුවට ගැනීමට දැල එලා තිබුනේ මාස ගණනකට පෙර සිට බවත් ඒ සඳහා එස්ටීඑෆ් බුද්ධි අංශ නිලධාරීන් ඩුබායි වෙත යවා තිබූ බව පොලිස්පතිවරයා හෝ දන්නේ නැති බවත් සදහන්. පොලිස්පති පූජිතගේ ලඟම නිලධාරීන් පවා මධූෂ් සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැක කෙරෙන බැවින් මේ වැටලීම සිදුකෙළේ එසේ ගිය එස්ටීඑෆ් බුද්ධි නිලධාරීන් අබුඩාබි පොලිසිය සමග එක්ව බවයි ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය සදහන් කරන්නේ.

මධූෂ් ඩුබායි හි 4 දා රාත්‍රී පාටියක් දමා තිබුනේ සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සහ වෙනත් පාතාල ක්‍රියාවන්ට හිසරදයක්ව සිටි ලතීෆ් එදින විශ්‍රාම ගන්නා නිසා එය සැමරීමට බවයි ඔවුන් වාර්තා කරන්නේ. ඒ සමග පාතාල නායකයෙකුගේ උපන් දිනයක්ද තිබීම හා දැනට සිරගෙදර සිටින කුඩු රජා වෙලේ සුදා දුරකථන මාර්ගයෙන් සිය සගයන්ට පවසා ඇත්තේ පෙබරවාරි 4 වෙනිදා පසුවන තුරු මඳක් යට ගොස් සිටින ලෙස බවත් ඒ අන් කිසි හේතුවකට නොව එස්ටීඑෆ් කොමඩාන් ලතීෆ් විශ්‍රාම ගන්නා තුරු බවත් යන කාරනා මත බව එම වෙබ් අඩවිය සදහන් කරනවා.

ලතීෆ් පසුගිය මාස 2 ක කාලය තුල අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය තොගයේ ප්‍රමාණය මෙට්‍රික් ටොන් එකකට ආසන්න බව සදහන්.බොහෝවිට පුද්ගලයන් නැති මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තත් පුද්ගලයන්ද සහිත මත්ද්‍රව්‍ය වීම මෙහි විශේෂම කාරණය බව සදහන්.පසුගිය ඔක්තෝබර් 26 කුමන්ත්‍රණ කාලයේ දී කිලෝ 700 ක් පමණ හෙරොයින් විශාල තොගයක් පුද්ගලයන්ද සහිතව මුහුදේ දී අත් අඩංගුවට ගත්තේ ලතීෆ් ගේ මෙහෙයැවීමෙන් එස්ටීඑෆ් නිලධාරීන් පිරිසක් මාස 3 ක පමණ කාලයක් තිස්සේ කරන ලද හඹා යෑමක ප්‍රතිඵලයක් ලෙස බවද වාර්තා වේ.

මේ වැටලීමේ දී මාකඳුරේ මධූෂ් සමග පසුගිය දා පිටකොටුවේ පාතාල ඝාතන රැසක් සිදුකළ කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සහ අංගොඩ ලොක්කා නමැති පාතාලයාගේ අංක එකේ සගයා අබුඩාබි පොලිසියේ අත් අඩංගුවේ පසුවෙති. අවාසනාවකට ‘අංගොඩ ලොක්කා’ නැමැත්තා වැටලීමේ දී පැන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.ලංකාවේ පාතාල නායකයන් පිනවීම සඳහා එහි ගොස් සිටි අමල් පෙරේරා ද, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ද සමග රයන් නමැති ටෙලි නළුවෙකුද අත් අඩංගුවේ පසුවෙති. අමල් පෙරේරා සහ මෙම නළුවා මින් පෙර මෙවැනි පුද්ගලයන් සමග පාර්ටි දැමු වීඩියෝවක් මේ වන විට සමාජ ජාලා වල හුවමාරු වෙමින් තිබේ.

මොවුන් කලා කරුවන් සේ පෙනී සිටිමින් පාතාලය සමග දැඩි සම්බන්ධතා පවත්වමින් තමන්ට ඇති ජනප්‍රියත්වය පාතාල වැඩ කටයුතු සඳහා අවභාවිතා කරන බවයි මේ වන විට හෙළිවී තිබෙන්නේ.ජනාධිපති සිරිසේන පෙර දිනක ලතීෆ් කැඳවා විශ්‍රාම යෑමෙන් පසු ජනාධිපති මත්ද්‍රව්‍ය නාශක කාර්ය සාධක අංශයේ ප්‍රධානී වෙන්නැයි කියා ඉල්ලීමක් කර තිබිණ. තමාට අදාල නිලධාරීන් නොමැතිව එවැනි තැනක හිඳ මත්ද්‍රව්‍ය නාශනය කළ නොහැකි දෙයක් යයි කියමින් ලතීෆ් සිරිසේනගේ ආරාධනය ගෞරවනීයව ප්‍රතික්ෂේප කර තිබිණ.

ඔහු නිදහස් උළෙලට සහභාගී වී අවසානයේ ගෙදර යෑමට සූදානමින් සිටි අතර ජනාධිපතිවරයා 4 දා සවස තමා විසින්ම කැබිනට් පත්‍රිකාවක් සකසා කැබිනට්ටුවට ඉදිරිපත් කරමින් ලතීෆ් පොලිස් නිලධාරියාට වසරක සේවා දිගුවක් අනුමත කරවා ගෙන තිබිණ.ඒ අනුව ලතීෆ්ට විශ්‍රාම ගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්තමාචාරය 41 වසරක සේවයට උපහාර උත්තමාචාරයක් ලෙස වෙනස් කර උත්තමාචාර පැවැත්වීය.එදිනම රාත්‍රී තම සැඟවුණු ඉලක්කය කරා සේනා මෙහෙයැවූ ලතීෆ් ලංකාවේ පාතාල නායකයන් රොත්තක්ම එක මිටට අල්ලා ගැනීමට සමත් විය.මාකඳුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක, අංගොඩ ලොක්කාගේ දකුණු අත ඇතුළු පාතාලයන් පිරිස ලංකාවට ගෙන ඒම සඳහා මේ වන විටත් පොලිසියේ අදාල නීති නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ලඟා වී ඇති අතර හෙට හෝ අනිද්දා පාතාලයන් පිරිස ලංකාවට ගෙන ඒමට නියමිත බවයි ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය සදහන් කරන්නේ.

කෙසේවෙතත් ඩුබායි නිතිය අනුව කුඩු සමග හසුවොවොත් ඔවුනට හිමිවන්නේ මරණ දඩුවමයි. එහෙත් ලංකාවට ගෙනා පසු ඔවුන් බන්ධනාගාරය තුල සිටිමින් යහමින් තමන්ගේ ජාවාරම් පහසුවෙන් කරයි. මෙහෙකාර සේවයට ගොස් ළමයකු මියයාම නිසා මරණ දඩුවම හිමිවූ අහිංසක රිසානා අවුරුදු ගණනක් ගොස්වත් එවකට ඇමතිව සිටි ඩිලාන් පෙරේරාට ගෙන ඒමට නොහැකි වූ අතර ඇය මරා දැමු දිනයේද පාර්ලිමේන්තුවේ කතාවක් කරමින් ඇය බේරාගන්නා බව කීවේද හරි හැටි කිසි දෙයක් නොදන්නා ගොබිලෙක් ලෙසින්.

එහෙත් මෙවැනි රාජ්‍ය දෙකක් අතර අපරාධකරුවන් හුවමාරුවකට දැඩි නීති රීති බලපැවැත් ඉතා ඉක්මනින් මොවුන් ලංකාවට ගෙන ඒමට සුදානමක් ඇති බව සදහන්.මේ වන විට සමාජ ජාලා තුල බහුතරයක අදහස වන්නේ මොවුන් ලංකාවට නොගෙන්වා ඩුබායි පොලිසියට බාරදී ඒ රටේ නිතිය අනුව නිතිය ක්‍රියාත්මක කරන ලෙසයි. මොවුන් මත්ද්‍රව්‍ය සමග හසුවූ නිසා එම රටේ නීතිරීති අනුව ගැලවී යාම අපට ඇති අවබෝධය අනුව ඉතා අපහසු කාර්යකි. එහෙත් රිසානාට මැදිහත් නොවූ රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙයට මැදිහත් වී මොවුන් ‘කුදලාගෙන ලංකාවට ගෙනවා’ ලස්සන වචනයට මුවාවී ඩුබායි මරණ දඩුවමින් බේරාගෙන ලංකාවට ගෙන ඒමට දිවිහිමියෙන් කටයුතු කරනු ඇතියි සමාජයේ බහුතරයකගේ අදහසයි.ම්ම්

LEAVE A REPLY