ප්‍රවීන මාධ්‍ය ගුරුවරයා හේමනලින් කරුණාරත්න මහතාගේ හදිසි මරණයට හේතුව අද මරණ පරීක්ෂණයේදී හෙළිවෙයි

0
916

මොළයේ නහරයක් පුපුරා සිදුවූ අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙන් ප්‍රවීන මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතාගේ මරණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබෙනවා.

දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද පෙරවරුවේ සිදුකෙරුණේ කොළඹ ජාතික රෝහලේ පිහිටි පොලිස් මෘත ශරීරාගාරයේදීයි.

මාළඹේ – මිල්ලගහවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ කාමරයක මියගොස් සිටියදී මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතාගේ දේහය ඊයේ දහවල් සොයා ගැණුනා.

අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 56 ක්.

ශ්‍රී ලංකා රුපවාහිනි ක්ෂේත්‍රයේ රිද්මය වෙනස් කල අයකු ලෙස ඉතිහාසගතවන එම මහතා 90 දශකය අග භාගයේදී දැනුම විනෝදය පිරිපුන් වැඩසටහනක් ජාතික රුපවාහිනියේ ඉදිරිපත් කළා. ඒ 9.05 වැඩසටහනයි.

2000 දශකයේ මුල් භාගයේ අලුතින් ආරම්භ වූ ඊඒපි මාධ්‍ය ජාලයත් සමග එකතුවෙන එම මහතා ප්‍රවෘති විකාශයක් නොතිබූ ස්වර්ණවාහිනියට සම්ප්‍රධායික පුවත් කියවන්නා වෙනුවට විශ්ලේෂනාත්මක සංවාදාත්මක පැයක පුවත් ප්‍රකාශයක් ගෙන එමින් ඒ දිනවල රටේ ජනප්‍රිය පුවත් ප්‍රකාශයක් සැදීමට සමත්වුනා.

එහිදී හේමනලින් රොස්මන්ඩ් සේනාරත්න පාලිත පෙරේරා වැනි ප්‍රවීන කණ්ඩායමක් මෙම වෙනස්කම් කිරීමට මුල්තැන ගත අතර ස්වර්ණවාහිනියේ අධ්‍යක්ෂ වරයෙක් ලෙසද කටයුතු කළා.

පසුව මාධ්‍ය පරපුරක් බිහිකිරීමට හෙරිටේජ් ටීවී නම් ආයතනයත් සමග ඔහු ගුරුහරුකම් ලබා දුන් අතර ඒ මහතාගේ අකල් වියෝව රටක් ලෙස ලබන ඒ හිස්තැන පිරවීමට කිසිදිනක හැකිවනු නැත

LEAVE A REPLY