නිරෝධායන නීති කඩා අධ්‍යාපන හා කාන්තා රාජ්‍ය ඇමති පියල් නිශාන්ත පාසලක මළු බෙදලා

0
232

‘කළුතර දිස්ත්රික්කයේ 38,000කට අධික දරු දැරියන්ට අත්යවශ්ය වියලි ආහාර’

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ආරම්භ කර තිබුණු පාසල් දරුවන්ට උදෑසන ආහාර වේල ලබාදීමේ වැඩසටහන Covid19 වසංගත තත්වය හේතු කොට ගෙන යාවත්කාලීන කිරීම අනුව කළුතර දිස්ත්රික්කයේ උදෑසන ආහාර වේල ලබමින් සිටි සිසු දරුවන් සඳහා වියලි ආහාර ලබා දීමේ වැඩසටහන අද දින (2020/11/11) වරාපිටිය කනිෂ්ඨ විදුහලේ දී පැවැත්වුනි. එම අවස්ථාවට බේරුවල ප්‍රාදේශීය සභා සභාපති මේනක විමලරත්න මහතා ඇතුළු ප්රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක්ද අධ්‍යාපන අධ්‍යක්ෂ සෝමරත්න මහතා ඇතුළු විදුහල්පතිවරුන් පිරිසක් ද රාජ්ය නිලධාරින්ද මෙම අවස්ථාවට සහභාගි විය. මෙම වැඩසටහන මුළු දිවයින පුරාම ක්‍රියාත්මක වේ.

අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයා නිරෝධායන නීති කඩයි

අධ්‍යාපන රාජ්‍ය ඇමති පියල් නිශාන්ත කළුතර දිස්ත්‍රික්කයේ පාසැල් සිසු සිසුවියන් ඒකරාශි කොට වියළි ආහාර බෙදාදීමක් පසුගියදා සිදුකරන ලදි.

රජයත් ජනතාවත් රවටමින් මෙලෙස දරුවන් ගෙන්වා ගෙන ඇත්තේ උදෑසන අහාර වේල ලබමින් සිටි දරුවන්ට රුපියල් 1000 ක් වටිනා වියළි ආහාර පාර්සල ලබාදෙන බව කියමිනි. නිරෝධායන නීති අනුව දරුවන් මෙලෙස ඒකරාශී කළ හැකිද යන විදුහල්පතිවරුන්ට බැන වදිමින් ඔහු පාසල් දරුවන් ඒකරාශි කරන ලෙස දැනුම් දී ඇත.

එහි පළමු පියවර ලෙස කළුතර දිස්ත්‍රික්කයේ වරාපිටිය කනිෂ්ඨ විද්‍යාලයේදි ඉකුත් නොවැම්බර් 11 දා වියළි ආහාර මළු ලබාදීම උත්සවාකාරයෙන් පැවැත්විනි. ඔහු එහිදි දක්වා ඇත්තේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ආරම්භ කර තිබුණුපැසල් දරුවන්ට උදෑසන ආහාර වේල ලබාදීමේ වැඩසටහන යාවත් කාලීන කරමින් මෙම වියළි ආහාර බෙදාදීම කරන බවය.

නමුත් මෙම ආහාර වේල සෞභාග්‍යයේ දැක්මට පෙර අනාදිමත් කාලයක සිට ආරම්භ කර තිබු වැඩසටහනකි. එහිදි ඔහු වියළි ආහාර පාර්සලයක් ලබාදී ඇති අතර එහි රුපියල් 1000 ක් වටිනා ආහාර තිබි නැත. එය කෙසේවෙතත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පාසල් දරුවන් මෙලෙස ඒකරාශී කොට ඔවුන් අවාදනම් තත්ත්වයට හෙළිම ගැන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විදුහල්පතිවරුන් විමතිය පළ කොට ඇත.

රාජ්‍ය බලය හමුවේ ඔවුන් අසරණව දරුවන් කැදවා ඇතත් මොහු ගුරුවරයෙකු වූවේ කෙසේද යන්නත්, අධ්‍යාපන රාජ්‍ය ඇමතිධූරය දරුවන්ට වඩා තමන්ගේ බලය සපුරා ගැනීමට උත්සාහ කරන අයෙකුට දීම ගැනත් පළාතේ ජනතාව තුළ කතාබහක් ඇතිව තිබේ.

LEAVE A REPLY