නවසීලන්තයේදී යකා වැහුන තිසර බංගලාදේශ ප්‍රිමියර් ලිගයේත් යකා වහගයි හයේ පහර වරුසාවක් සමග පන්දු 26 කින් නොදැවී ලකුණු 76 ක් ලබාගත් විදිය

0
357

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට අදාළව ඩකා හි මීර්පුර් ක්‍රීඩාංගනයේ චිතගොන් වයිකිංග්ස් පිලට එරෙහිව පැවති තරගයේදී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා වේගවත් ලකුණු 74 ක් රැස් කර තිබෙනවා.ඒ, පන්දු 26 කදියි.

තිසර නවසීලන්තයේදී ශතකයක් හා අර්ධ ශතකයක් ලබා ගත් අතර තිසරගේ මේ ගෙවෙන්නේ තමන්ගේ ක්‍රිකට් ජිවිතයේ හොදම කාලය බවයි විචාරකයන්ගේ අදහස.තිසර පිටියට පැමිණියේ 5 වන කඩුල්ල දැවීගොස් සිටියදී. 6 වන කඩුල්ලේ සම්බන්ධය ලකුණු 98 ක්. එයට පන්දු 46 ක් ඇතුලත්.

එයින් ලකුණු 76 ක්ම ලබා ඇත්තේ තිසර විසින් වීමත් ප්‍රහාරයේ දැවැන්ත බාවය කියවෙන හොදම වාර්තාවයි. අනෙක් අන්තයෙන් පන්දු 20 කට ලබාගෙන ඇත්තේ ලකණු 22 ක් පමණයි.මෙම තරගයේදී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 05 ක් දැවී ලකුණු 184 ක් රැස් කරගත්තා.

කෙසේ වෙතත් චිතගොන් වයිකිංග්ස් කණ්ඩායම 19 වන පන්දු වාරයේදී කඩුලු 06 ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වුණා.

මෙම තරගයේදී තිසර පෙරේරා සිය වේගවත් ලකුණු 74 රැස් කරනු ලැබුවේ දැවැන්ත හයේ පහර 8 ක් සහ හතරේ පහර 3 ක් සමඟින්.තිසර පෙරේරාගේ ඉනිම පහතින්

LEAVE A REPLY