දුරය අහිමිවීමේ බියෙන් රෝසි රනිල් ලග දණගහයි කොළඹ නගර සබාවට පලාත්සබාවෙන් කෝටි 300 ක පොල්ලක්

0
532

එක ගෙදර වසන සජිත් බලවේගයෙන් පුතා චන්දය ඉල්ලන කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය ඇතුළු එක්සත් ජාතික පක්ෂ නගර සභා මන්ත්‍රීවරු පිරිසක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී එක්සත් ජාතික පක්ෂය මගින් පාලනය කරන කොළඹ මහ නගර සභාව මගින් ජනතාවට ලබාදිය හැකි සහන සේවා පිළිබඳව සාකච්ඡා කර ඇත.

මෙහිදී කොවිඩ් 19 තත්ත්වය හේතු කොට ගෙන පීඩාවට පත්වුණු කොළඹ මහ නගර බල ප්‍රදේශය තුළ සිටින ත්‍රී රෝද රථ රියදුරන් සහ මහජනතාව වෙත කඩිනම් සහන ලබාදෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රෝසි සේනානායක මහත්මිය වෙත උපදෙස් දී ඇත. ත්‍රී රෝද රථ රියදුරන්ගෙන් අය අයකරගන්නා වූ බදු ඉවත් කිරීමටත්, වාහන නැවැත්වීමේ දී ගෙවනු ලබන ගාස්තු ඉවත් කිරීම ඇතුළු සහන රැසක් පිළිබඳව සාකච්ඡා කර ඇත.

එමෙන්ම, කොළඹ මහ නගර සභාව වෙත බස්නාහිර පළාත් සභාව මගින් කෝටි තුන්සියයක මුදල් ප්‍රමාණයක් අයවීමට ඇති බවත්, එම මුදල නොලැබුණහොත් කොළඹ මහ නගරසභාවේ ඉදිරි වැඩකටයුතු කරගෙන යාමට නොහැකි වන බව පුරපතිනිය ඇතුළු මන්ත්‍රීවරු ප්‍රකාශ කර ඇත.

එම මුදල කඩිනමින් අය කරගැනීමට කටයුතු කරන ලෙසත් ඔවුන් එම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස එජාප නායකයා විසින් කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය ඇතුළු මන්ත්‍රී පිරිසට උපදෙස් දී ඇත.

අවසන් වශයෙන් එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිනවීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බව පුරපතිනිය ඇතුළු මන්ත්‍රී කණ්ඩායම නායකතුමන්ට දන්වා ඇත. එහි විශේෂත්වය වන්නේ ගියවර නගරාධිපතිනි රැස්වීම වර්ජනය කර වීරයා මෙන් සජිත්ගේ කාර්යාලයේ ගොස් ප්‍රසිද්ධියේ දේශපාලනේ කරමින් සිටි නිසා පසුව නගරාධිපති දුරයෙන් රෝසි ඉවත් කිරීමට එජාපය සුදානම් වීමයි.

ඒ සජිත් බලවේගයට ප්‍රසිද්දියේ සහය දීම නිසාත් සජබේ පාර්ශ්වයෙන් රෝසිගේ පුත්‍රයා මෙවර පාර්ලිමේන්තුවට චන්දය ඉල්ලන නිසාත් ඉවත් කිරීමට ඔන්න මෙන්න තිබියදී එජාප නායකයාට පින්සෙන්ඩු වී දෙකට නැවි වැද නමස්කාර කර තනතුර රැක දෙන්නයි ආයාචනා කර අවසානයේ රැකගෙන ඇත. එජාප නායකයාගේ සදාකාලික පාඩම් ඉගන නොගන්නා ගුණය පෙන්වමින් එක ගෙදර සිටින පුතා සජිත්ට දිවිහිමියෙන් කටයුතු කරන විට අම්මා රනිල්ට සහය දීම අවංකකමක් ලෙස සිතා ද්‍රෝහී වීම අමතක කර ඇත.

මහා ලොකු වීරයන් මෙන් වේදිකාවල කතා කලත් තනතුරු හමුවේ ඇදන් සිටින වස්ත්‍රය හෝ ගලවා නිරුවතින් හෝ තනතුර රැකගැනීමට පෙලබෙන විලිසන්ගියක් නැති දේශපාලුවන් අද රටේ වේදිකාවේ කාඩ් බෝඩ් වීර කතා කියමින් සිටීම ලැජ්ජාවට කරුණක්. මේවට හිනා වීමට එක කටක් ප්‍රමාණවත් නැත. මේ එම අවස්තාව පහතින්

LEAVE A REPLY