දරුවන් සියල්ල එලියට එන තුරු ගුහාවේ රැදී ඉන්න දින නවයක් පුරා ජලය ආහාර සන්නිවේදන නැතිව බාවනාවෙන් දරුවන් රැක්ක හිටපු භික්ෂුවක් වූ තායි පුහුණුකරු

0
12041

මේ වනවිට ලෝකයේම ප්‍රමුඛ මාතෘකාව වන්නේ තායිලන්තයේ ගුහාවක සිරවූ දරුවන් බේරා ගැනීමේ මෙහෙයුමයි. දරුවන් දොළොස් දෙනෙකු සමග ඔවුන්ගේ පුහුණුකරුවා මෙම ගුහාවේ සිරව සිටී අතර මේ වනවිටත් සහන කණ්ඩායම් ඔවුන්ගෙන් අට දෙනෙකු බේරාගෙන අවසන් ය. අද මේ මෙහෙයුමේ තුන්වෙනි දිනයයි.

මේ අතර මෙම දරුවන්ගේ පුහුණුකරු පිළිබදව ලෝක මාධ්‍යයේ විශේෂ අවදානයක් හිමිව තිබේ. එකාපොල් චාන්ත්වොන්ග් නැමැති ඔහු විසිපස් හැවිරිදි තරුණයෙකි. හිටපු බෞද්ධ භික්ෂුවක් වන එකාපොල් මෙම කණ්ඩායමේ සහය පුහුණුකරුවාය.

දරුවන් කණ්ඩායම සමග ඔහු මෙම උමග ගවේෂණය කර තිබෙන්නේ පාපන්දු කණ්ඩායමේ පුහුණුවක් වශයෙනි. කෙසේ වෙතත් ඔවුන් පිරිස මෙම ගුහාවේ සිරවූ පසු මෙම දරුවන් දොළොස් දෙනා රැක බලාගෙන තිබුනේ ඔහු විසිනි.

අමතර ආහාර, ජලය, ආලෝකයක් හෝ සන්නිවේදනයක් නොමැතිව ඔහු මෙම දරුවන් කණ්ඩායම දින නවයක් තිස්සේ රැක බලා ගත් ආකාරය ලොවෙහිම ගෞරවයට පාත්‍ර වී තිබේ. හිටපු බෞද්ධ භික්ෂුවක් වන එකාපොල් මෙම දරුවන් පිරිස සංසුන් කිරීමට ගුහාව තුලදි ඔවුන්ට බෞද්ධ භාවනා උගන්වා ඔවුන් භාවනාවේ යොදවා තිබේ.

ගුහාව නැරඹීමට පැමිණීමේදි රැගෙන ආ ආහර සහ ජලය බෙදා දී දින නවයක් පුරා දරුවන්ගේ ජිවීත ආරක්ෂා කිරීමටද එකාපොල් කටයුතු කර තිබෙන අයුරු විශ්මයජනකය. ඔහු විසින් පසුගිය දින මෙම දරුවන්ගේ දෙමව්පියන්ට ලිපියක් යවා තිබෙන අතර එහිදි දරුවන් මෙම උමග තුලට රැගෙන ඒම ගැන සමාව ඉල්ලා තිබේ.. මීට අමතරව දරුවන් සියලුම දෙනා මුදවා ගන්නා තුරු තමන්ට හැකි උපරිමයෙන් එම දරුවන් රැක බලා ගන්නා බවට ඔහු විසින් එම ලිපියේ සදහන් කර තිබේ.

අවසන් දරුවාද මුදවා ගන්නා තුරු ගුහාවෙන් පැමිණීම ප්‍රතික්ෂේප කරනා එකාපොල් දැනටමත් වීරයෙකු වී අවසන් ය. දරුවන් මෙවැනි ගමනක ඝෙන යාම පිළිබදව ඔහුට එරෙහිව නිතීමය පියවර ගන්නා බව තායිලන්ත බලධාරීන් මින්පෙර ප්‍රකාශ කර සිටියද දැන් ඒ සියල්ල වෙනස් ඇති සේය.

ඉති‍රි දරුවන් සිවුදෙනා මෙන්ම ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කළ එකාපොල් ද මුදවා ගැනීමට හැකි වේවා යන්න ලොවේම පැතුමය.

Image result for thailand cave incident coach ekapol

Image result for thailand cave incident

Image result for thailand cave incident coach ekapolImage result for thailand cave incidentImage result for thailand cave incidentImage result for thailand cave incident

LEAVE A REPLY