දයාසිරි ශ්‍රීලංකා නිදහස් පක්ශයේ නායක කම ගන්න කුරුණෑගල තනි මනාප ගන්න කුමන්ත්‍රණයක

0
619

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ශ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් අද දින දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා විසින් කැදවා තිබිණි.එහිදී දයාසිරි ජයසේකර අමාත්‍යවරයා විසින් ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ එලඹෙන මහමැතිවරණයේදී තමුන්ට තනි මනාපය ලබා ගැනීමට කටයුතු කරන ලෙසටයි

මෙහිදී ශාන්ත බණාඩාර මන්ත්‍රීවරයාට කිසිසේත්ම මනාප ලබාදීමට කටයුතු නොකරන ලෙසටත් දයාසිරි වැඩිදුරටත් පවසා ඇත.තමුන් ශ්‍රීලංකා නිදහස් පක්ශයේ අනාගත නායකයා වන බවත් ඒ සදහා වැඩිම මනාප ලබා ගැනීම අතිශය වැදගත් බවත් ශාන්ත බණ්ඩාර ඔහුට සිටින ප්‍රතිවාදියා නිසා ඔහුට වැඩිපුර මනාප ලැබුනොත් එය නායකත්ව ගමනට බලපාන බවත් දයාසිරි අමාත්‍යවරයා පවසා ඇත.

ප්‍රාදේශිය මන්ත්‍රීවරුන් මෙහෙදී ඒ සදහා අකමැත්ත පලකර ඇති අතර ඔබතුමා ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණයට උදවු කලෙත් අන්තිම මොහොතේ ඒ නිසා මිනිස්සු ඉන්නෙ ගොඩක් කේන්තියෙන් යැයි පවසා ඇත. නමුත් දයාසිරි දිගින් දිගටම පවසා ඇත්තේ වැඩි මනාප නොගත්තොත් ශ්‍රීලංකා නිදහස් පක්ශයේ නායකත්වයට යෑමට අපහසු බවයි.

නිදහස් පක්ෂ ලේකම් දයාසිරිගේ සැලස්ම වී ඇත්තේ සිරිසේන යාප්පුවෙන් තබාගෙන ඔහු නායකත්වයෙන් එලවා දමා ජනාධිපති ගෝටා සමග අතිශය සමීප වී එතුලින් අනිසි බලයක් නිර්මාණය කරගෙන නිදහස් පක්ෂ නායක වීමටයි. එසේ හැකියාවක් නොවනවානම් ජනාධිපතිවරයා නිදහස් පක්ෂේ සාමාජිකයෙක් කරගත් පසු ඉබේ නායකකම ලැබෙන අතර ඔහු දේශපාලනයෙන් ඉවත් වන දිනක දයාසිරි නායකයා වීමේ දිගු සැලැස්මක්ද වශයෙන් සැලසුම් දෙකක කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක කරන බව නිදහස් පක්ෂ ආරංචි මාර්ග තහවුරු කරයි.

LEAVE A REPLY