චන්දික හතුරුසිංහ පුහුණුකාර දුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරයි

0
522

වහාම ක්‍රියාත්මක වන ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දැරූ චන්දික හතුරුසිංහ එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව තාවකාලික පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න පත්කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර සාකච්ඡා බිඳ වැටීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බව සඳහන්.

කෙසේවෙතත් හතුරුසිංහගේ ගිවිසුම අවලංගු කරනවානම් එය ඉතා සංකීර්ණ කාරණයක් වන අතර ගිවිසුමේ සදහන් වන පරිදි අතිවිශාල වන්දියක්ද ගෙවීමට ක්‍රිකට් ආයතනයට සිදුවනු ඇති. සුමතිපාල හා දයාසිරි පාලන සමයේ ගැසූ ගිවිසුම එතරම් හතුරුසින්හට වාසි සහගත එකක් බවයි වාර්තා වන්නේ.

තවමත් හතුරුසිංහගේ ප්‍රතිචාරය වාර්තා නොවන අතර ඔහු එසේ ඉවත් කිරීමෙන් යන්නට සිදුවුවොත් ඔහුගේ වෘතියට හානියක් වන නිසා ඔහු ඉවත් වීමට කිසිදු කැමැත්තක් දක්වන්නේ නැ. එනිසා මෙය සමහර විට අර්බුධයක්ද විය හැකි.

LEAVE A REPLY