ගෝඨාභය මහත්තයා හැංගෙන්නේ එයාට නඩු වැඩි නිසා ඩලස් කියයි

0
171

ඊයේ (5) පැවති මහජන වේදිකාව සදහා නොපැමිණි පොහොට්ටු ජනපති අපේක්ෂක දැඩි ලෙස විවිධ පාර්ශව වල විවේචනයට ලක්ව තිබෙන පසුබිමක අද පැවති මාධ්‍ය හමුවකදී එජාප අමාත්‍ය අජිත් පි පෙරේරා පැවසුවේ ගෝටාභය බයේ හැංගුන බවයි.

ජනාධිපති අපේක්ෂකයකු තම ආකල්ප අදහස් මාධ්‍ය ඉදිරියේ ජනතාව වෙනුවෙන් ප්‍රකාශ කල යුතු අතර එසේ නොවන්නෙක් කෙසේ රටක ජනපති වන්නේදැයි ප්‍රශ්න කරනවා. එහිදී සජිත් ප්‍රේමදාස එජාප අපේක්ෂකයා ලෙස ගෝටාට නැවත විවාද 3 කට අභියෝග කරන බව පවසනවා.

එම විවාධ තුන පක්ෂ දෙකම එකට එකතුවී ප්‍රතිපත්ති තීරණ මත කල හැකි බවයි අජිත් පි ඇමතිවරයා පවසන්නේ. දැන්ම කාල වෙලාව වෙන්කරගෙන කලින් වැඩ තිබුනා යයි නොකියා එන්නයි ඔහු පවසනවා. ඇමරිකානු පුරවැසියෙක් ලෙස හා බිරිද දරුවන් ඇමරිකන් වන නිසා ඇමරිකන් ක්‍රමයට විවාද 3 පවත්වමුයි ඔහු යෝජනා කරනවා. එය පහතින්

එසේම අද පැවති පොහොට්ටු මාධ්‍ය හමුවකදී ගෝඨාභය මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් පැවසුවේ වැරදි ප්‍රචාර යවන්න එපා මාධ්‍යට එන්නේ නැත්තේ නඩු ගොඩක් නිසා නීතිඥයන් එන්න එපා කියලා තියනවා යනුවෙන්. එනිසයි ඔහු මුහුණ නොදෙන්නේ එයා මාධ්‍ය සමග හරිම සමීපව කටයුතු කල සුහදම පුද්ගලයෙක් බව ඩලස් පවසනවා.

එසේම රාවය පුවත්පතේ කතෘ වික්ටර් අයිවන් සටහනක් තබා ඇත්තේ ලංකාවේ නොව ලෝක ඉතිහාසයේ අධිකරණයක අධි චෝදනා ලැබුවෙක් ජනපතිවරණයකට ඉදිරිපත්වීම ව්‍යාකුල තත්වයක් බවයි. එය ගෝටා නොවුනත් එම පුද්ගලයා ජනපති වුවොත් එම අධි චෝදනා විභාග කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්නාර්ථයක් තබා තිබෙනවා.

ඩලස් හා සුසිල් පැවැත්වූ මාධ්‍ය සාකච්චාව පහතින් බලන්න

LEAVE A REPLY