ගෝඨාගේ අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප වුවහොත් කැටගොඩ ජනපති කරන බැසිල්ගේ සැලසුම

0
16784

පොදුජන පෙරමුණ අද ගෝටාභය රාජපක්ෂ වෙනුවෙන් ඇප තැන්පත් කළා. එයට ලේකම් සාගර කාරියවසම් ගම්මන්පිල විරවංශ ඇතුළු පොහොට්ටු පිරිසක් එක්ව සිටියා. විරවංශ පවසා සිටියේ එජාපය කෙසේ වෙතත් දෙපලු වන බවත් කවුරුන් හෝ ඉදිරිපත් කර තමන්ගේ කම්මැලි කම නැති කරන ලෙසයි. තරගයක් නැතිව ජයගත හැකි නිසා දැන් ඔවුන්ට කම්මැලි බවයි පවසන්නේ.

විධායක ජනාධිපති දුරය අහෝසි කිරීම කරලියට ඇවිත් ඇති අතර එළබෙන නොවැම්බර් 16 ජනපතිවරණය පැවැත්වීමට ගැසට් කරද ඇත. එවන් පසුබිමක ඊයේ(19) වන විට තිදෙනකු ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇති අතර පොහොට්ටුවට හිතවත් ජයන්ත කැටගොඩද මුදල් තැන්පත් කළා.

කැටගොඩ යනු සරත් ෆොන්සේකා මහින්ද ආණ්ඩුව විසින් සිරිකල විට පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරයයි. අනෙක් පුද්ගලයා ජවිපෙ හිටපු මන්ත්‍රී එස් අමරසින්හයි.එනිසා ඔහුට ජනපති වරණයට ඉදිරිපත්විය හැකි. මෙතෙක් කල් පොහොට්ටුව සමග වැඩ කල මොහු එකවර ජනපතිවරණයට ඉදිරිපත්වීම යම් නොගැලපීමක් පෙන්නුම් කලා.

මොවුන් දෙදෙනා ඇප තැන්පත් කර ඇත්තේ බැසිල් රාජපක්ෂගේ විකල්ප අපේක්ෂකයන් ලෙසින්. එනම් මෙවර පොහොට්ටුවේ අපේක්ෂක ගෝටබය රාජපක්ෂගේ අපේක්ෂකත්වය යම් ආකාරයකින් අභියෝගයට ලක් වුවොත් බෝහි විට ජයන්ත කැටගොඩ ජනපති කිරීමට ඔවුන් ආධාර කරනු ඇති.

ඒ මහරගම පොහොට්ටු ලැයිස්තුව ප්‍රතික්ෂේප වූ නිසාවෙන් බයිසිකලයට චන්දය දෙන්න කියුවිට පොහොට්ටු පාක්ෂිකයින් ඔවුන් ජයග්‍රහණය කෙරෙව්වා. පසුව බන්දුල ගුනවර්දන කිවේ පොල්ලෙලක් මහින්ද දැම්මත් දිනන බවයි. එවන් චන්ද පදනමක් ඔවුන් සතු නිසා ගොටාභයාගේ අපේක්ෂකත්වය යම් ආකාරයකින් ප්‍රතික්ෂේප වුවහොත් කැටගොඩ ජනපති වීමද පුදුමයක් විය යුතු කාරණයක් නොවේ.

LEAVE A REPLY