ගෝටා සැත්කමෙන් පසු සිංගපුරුවේ සිට ප්‍රකාශයක් කරයි. නඩු වලට බය නැති බවත් කියයි

0
96

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේදි සිදු කළ විශේෂ ප්‍රකාශයක් පිළිබඳ වාර්තා වෙනවා.එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා තිබුනේ තමන්ට එරෙහිව ඇති අධිකරණ ක‍්‍රියාමාර්ග හෝ වෙනත් කිසිඳු විරෝධතාවක් හමුවේ කිසිලෙසකින් වත් පසුනොබසින බවයි. ඒ සිරිසේන පාර්ශවය විසින් ප්‍රමාද කරගෙන සිටි නඩු නැවත ඔවුන්ම ඉක්මන් කිරීමට යනවා යයි දේශපාලන ආරංචි මාර්ග සදහන් වීමත් සමග.

ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ හැකි ඉක්මණින් තමන් යළි ශ‍්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි. ජනතා අපේක්ෂා ඉටු කිරීමට තමන් අනිවාර්යයෙන්ම කටයුතු කරන බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා. නමුත් 2015 සිටම තමාට එරෙහිව නඩු නොඅසන්නැයි ඉල්ලා අධිකරණ නියෝග රැගෙන ඇති හිටපු ලේකම්වරයා මොහුගේ නඩු වල සිටින නඩුකාරයින් ඒවාට පෙනීසිටීමට නොහැකියයි සදහන් කර ඉවත්ව ගොස් ඇති බව වාර්තා වුනා.

ඉකුත්දා සිදු කෙරුණු හෘදයේ ශල්‍යකර්මයකින් පසු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් රැඳී සිටින්නේ සිංගප්පූරුවේයි. ඔහුගේ සුවදුක් විමසීම සඳහා විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමක් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා. පසුගියදා ඩලස් පවසා සිටියේ රට ගැන දැක්මක් ඇති අලුත් ශක්තිමත් සෞඛ්‍ය සම්පන්න නායකයකු ගෙනෙනා බවයි. නමුත් මේ වන විට සෞක්‍ය සම්පන්න පුද්ගලයා ගෝටාබයමද යන ප්‍රශ්නයයි.

ගෝටා සමග අලුත් රටක් හැදීමට ඔහුට ශක්තිය හා නිතරම වටේ සිටින කෙහෙලිය රඹුක්වැල්ල, ප‍්‍රසන්න රණතුංග, ප‍්‍රසන්න රණවීර, ප‍්‍රියංකර ජයරත්න, ඉන්දික අනුරුද්ධ සහ තේනුක විදානගමගේ යන මන්ත‍්‍රීවරුන් ඔහු දැක බලාගැනීමට ගොස් තිබෙනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයා ඔවුන්ට පවසා ඇත්තේ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් බවයි. සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා ද තමාගේ සුවදුක් විමසීමට පැමිණි බව මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා. විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම එහිදී ඉදිරි ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට සිදු කරන සැලසුම් සම්බන්ධයෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදුකර ඇති බවත් වාර්තා වේ.

LEAVE A REPLY