කුසල් මෙන්ඩිස් ගැන අපිට විශ්වාසයි අසන්තගේ තේරුම් කමිටුව ලංකාවට ආ විගස කියයි

0
222

ලෝක කුසලානයේදී අසාර්ථක වූ උඩපන්දු සැහෙන්න ප්‍රමාණයක් අතහැරි වසර ගණනාවක් තිස්සේ එක දිගට එක්දින දාක්ෂතා පෙන්වීමට අපොහොසත්වූ වරක ක්‍රීඩා ලෝලීන්ට දැඩි ලෙස දෝශාරෝපනය කල කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසය තබන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව පවසනවා.

පගාවට ලෝකකුසලාන කණ්ඩායම තෙරුවායයි ඉන්දීය වෙබ් අඩවි වලින් හෙලිකල තේරීම් කමිටුවේ සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මේ බව ප‍්‍රකාශ කළේ අද (08) පෙරවරුවේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීයි. ලෝක කුසලානයට සහභාගී වූ ශ‍්‍රී ලංකා පිල දිවයිනට පැමිණීමෙන් පසු පැවැත්වූ පළමු මාධ්‍ය හමුව ද මෙයයි.

පෙනීයන ආකාරයට ක්‍රීඩා ඇමති නම් ළදරු දේශපාලකයා කොතරම් කයිවාරු ගැසුවත් අද පටන්වත් කිසිම වෙනසක් ක්‍රීඩාවේ සිදු නොවන බවත් ක්‍රිකට් පාලකයන්ට අවශ්‍ය පරිදි ඉදිරියේදී කටයුතු කරන බවත් පළමු ඉගිය මෙයින් ලබා දී තිබේ. ලංකාවේ ක්‍රිකට් නැවත කිසිදිනක මුරලි කීවක් මෙන් ගොඩ එනු ඇතයි කිසිදා අපට අනුමාන කල නොහැකි.

මෙම මාධ්‍ය හමුවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ද එක්ව සිටියා.ශ‍්‍රි ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානය අවසන් කළේ 06වන කණ්ඩායම ලෙසයි. ඒ වර්ෂාව නිසා තරග දෙකකට ලකුණු දෙකකුත් ලැබීම නිසා බව විශේෂයෙන් මතක් කල යුතුයි. තවත් කණ්ඩායමෙන් ඉවත් නොවන අයෙක් වන්නේ ලෝක කුසලානයේ තරග 6 ටම ලකුණු 61 ක් ලබාගත් තිසර පෙරේරායි. මොහු උත්සහා කරන්නේ කණ්ඩායමේ නායකයා වන්නයි.

එංගලන්ත තරගය ජයගත්තේ මාලිංගගේ තනි දස්කමින් බව අමතක කල යුතු නොවන අතර එහිදිද කුසල් මෙන්ඩිස් ස්ටෝක්ස්ගේ උඩපන්දුව අතහැර පරාජය හිමිවිමටද ඉඩ තිබුනා. මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට (09) දිනයේ නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY