කාටත් කරදරයක් නැති මුගලන් ඝාතනය කරලා තියෙන්නේ මහින්ද අගමැතිගේ දේව බාරයක් ඉෂ්ඨ කරන්නැයි තොරතුරු. දළ දෙක වනජිවියෙන් අදාළ තැනට

0
1003

උඩවළව ජාතික වනෝද්‍යානයේ විසු මුගලන් නැමැති ඇතාගේ දිවි තොරකර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වීම සඳහා වූ දේව භාරයක් ඔප්පු කිරීම සදහා බව අතිශය විශ්වාසවන්ත පවුලේ ආරංචි මාර්ග අනාවරණය කරනවා.

එම දේවභාරයට අනුව ඇතෙකුගේ දළ යුගල පුජා කල යුතු වන අතර ඒ සදහා මෙම හස්තියාගේ දළ යුගල දැනටමත් වනජීවි දෙපාර්තමේන්තුව හරහා අදාළ ස්ථාන වෙත යොමු කිරීමට සියලු සැලසුම් සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

උඩවළව ජාතික උද්‍යානයේ ජීවත් වූ ලාබාල එහෙත් සුවිශේෂී දළ යුවළකින් හෙබි මෙම හස්තියාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනතුරු කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ඝාතනයට කලින් දින මුගලන් හස්තියා ඒ ආශ්‍රිත ගමට ගොස් ඇති අතර ඒ පිළිබඳව වනජීවී දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් දැනුවත් කලද ඔවුන් පැමිණ නැති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

රටේ දේශපාලනික තත්වය කෙසේ වුවත් මහජනතාවගෙන් තම දරු පවුල් නඩත්තු කරවන වනජීවීයේ ඉහල පුටුවල සිටින නිලධාරීන් මෙම ඝාතන වලට අනියමින් හෝ වගකිවයුතු බවට අප ප්‍රකාශ කරන්නේ ඉතාම වගකීමෙනි.

මීට හරියටම අවුරුද්දකට පෙර වෙඩි තබා මරාදමා, කියත් වලින් දළ කපා ගෙන සිරුර කහල්ල – පල්ලේකැලේ රක්ෂිතයේ දමා ගොස් තිබියදී පොලිස් විශේෂ කාර්යය බලකායේ සෙබලුන් විසින් සොයා ගත් ගල්ගමුවේ දළපූට්ටුවාගේ පරීක්ෂණයට අවුරුද්දක් ගත වූවත් ඝාතකයන්ට නිසි දඬුවම් පැමිණවීමට වනජීවී දෙපාර්තුමේන්තුවේ ඉහල නිලධාරීන් සමත්කම් දක්වා නැත.

අනෙක් කාරණයනම් කුමන ඇතෙක් මිය ගියත් එම ඇතාගේ දළ වනජිවිය විසින් රැගෙන යන අතර ඒවා තැන්පත් කරන්නේ එකම ස්ථානයකයි. එනිසා දළ කපාගෙන යාමට ඝාතකයාට අවශ්‍ය නැති බවයි අභ්‍යන්තර තොරතුරු වාර්තා වන්නේ. ඒ බලය ඇති පුද්ගලයාට වනජීවී එකෙන් එය ලබාගත හැකි නිසා විය හැකි

මුගලන් මිය යන අවස්ථාවේ ආහරයට ගැනීමට ගිය තණකොළ යමක් ඔහුගේ හොඩේ දක්නට ලැබීම සංවේදී සිත් ඇත්තන්ට කම්පා වූ සිද්දියක් වුවා

Image may contain: text

Image result for mugalan elephant

Image result for mugalan elephant

LEAVE A REPLY