එංගලන්තේ ක්‍රීඩා කලේ පාසල් යන කාලෙදිමයි සමුගන්නවාද කියලා හිතුවේ නැ – උපුල්

0
338

ලෝක කුසලාන තරගාවලිය තේරිවී යයි බොහෝ දෙනා අනාවැකි පල කල දැනට ක්‍රීඩා කරන ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගෙන් ලංකාවේ වැඩිම තරග සංක්‍යාවකට මුහුණ දී ඇති හා වැඩිම ශතක අර්ධ ශතක ලබා ඇති ජේෂ්ඨ ක්‍රීඩක උපුල් තරංග සමග ලංකාදීපය සමුක සාකච්චාවක් පවත්වා තිබෙනවා. ඒ මේ සටහනයි. මේ දිනවල විස්තර මොන වගේද? දේශීය පළමු පෙළ තරඟ මේ දිනවල නොපැවැත්වුණත් උපුල් දිගටම පුහුණුවීම්වල නිරතවෙනවා. ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට මෙසේ දිගටම පුහුණුවීම් වල නිරතවන්නට සිදුව තිබෙනවා.

උපුල් කොහොමද ජිවිතේ?වරදක් නෑ. හොඳින් ගෙවනවා. ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් ජාතික කණ්ඩායමට නොතේරීම ගැන පුංචි දුකක් තියෙනවා. ඒත් දිගටම පුහුණුවීමවල යෙදෙනවා. ක්‍රිකට් ලෝලීන් හමු වුණාම මොනවද අහන්නේ?ප්‍රේක්ෂකයින් හමුවුණාම අහන්නේ නම් කණ්ඩායමේ හිටිය නම් හොඳයි නේද කියලයි. විශේෂයෙන්ම එංගලන්තයේදී දස්කම් දක්වා තිබෙන නිසා ප්‍රේක්ෂකයින් එලෙස බලාපොරොත්තු වෙනවා.

මේ ලැබුණු විවේකය කොහොමද ගෙවෙන්නේ? විවේකය ලැබුණාම ගමේ යනවා. ඒ වගේම පසුගිය දිනවල නම් රටේ නොගිය තැන් වගේම ගිය තැන්වලත් සචාරය කළා. ලංකාවේ මුහුදු වෙරළ තියෙන ලස්සන පලාත්වලට යන්න ආසයි. ඊට අමතරව දඹුල්ල, නුවරඑළිය, ඇල්ලට ගොඩක් ආසයි.

පාසල් සමයේදී එංගලන්තයේ ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවද? ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය එදා අවස්ථාව ලබා දුන්නා. මාස 06ක් විතර එංගලන්තයේ ක්‍රීඩා කළා. ඒක ජීවිතයට අලුත් අත්දැකීමක් වුණා. පසුව ජාතික කණ්ඩායමට ඇවිත් එංගලන්තයේ ක්‍රීඩා කරලා ලැබුණු මිහිරි අත්දැකීම් මොනවද? 2005 දී වගේ අපිට එංගලන්තයේදී එක්දින තරඟාවලිය ජයග්‍රහණය කරන්න පුලුවන් වුණා. ඒක විශිෂ්ට ජයක්. එදා 5/0 ලෙස අපි එංගලන්තය පරාජය කළා. තරඟ 2දීම මම ශතක ලබා ගත්තා. ඒ තරඟාවලිය හරිම මිහිරි මතකයක්.

උපුල් ඔබගේ සමකාලීන ක්‍රීඩකයින් විවාහ වෙලා. දරුවොත් ඔවුන්ට ඉන්නවා. ඔබ තවම තනිකඩයි? ඇයි මේ? තවම සුදුසු කෙනා හමු වෙලා නැහැ. සුදුසු කෙනා හමුවෙන කල් මේ විදියට ඉන්නවා. කොයි වගේ කෙනෙක්ද හිතාන ඉන්නේ? ඒක ඉතින් ඇය හමුවුණාම තමයි කියන්න පුලුවන්.

එතකොට ලැබෙන යෝජනා? එහෙම යෝජනා නම් නැහැ. ඉදිරි ක්‍රිකට් ජීවිතය ගැනත් කිව්වොත්? තව 34 නේ. ඉතින් තව කාලයක් ක්‍රීඩා කරන්න පුලුවනි. ඊලඟ ලෝක කුසලානය ගැන දැන්ම අනාවැකි කියන්න බැහැ. ඒත් ඒ දක්වා ජාතික කණ්ඩායම වෙනුවෙන් උපරිම දක්ෂතා පෙන්වන්න උත්ත්සහ ගන්නවා.

උපුල් තරංග එක්දින තරග 235 කදී ශතක 15 හා අර්ධ ශතක 38 ලබා තිබෙනවා. ලකුණු 6951 වන අතර සාමාන්‍ය 34 ක්. එසේම ශ්‍රී ලංකා ක්‍රීඩකයකු තනියෙන් ලබා ගත් වැඩිම දෙවන ලකුණට හිමිකම් කියන්නේද තරංගයි. ඒ ඉන්දියාවට එරෙහිව ලකුණු 174 ක්. ඒ වගේම ටෙස්ට් තරග 31 දී ශතක 3 හා අර්ධ ශතක 8ක් ද ඔහු ලබාගෙන තිබෙනවා.

LEAVE A REPLY