ඉන්දීය රජයෙන් මුඛ ආවරණ හා උපකරණ ලංකා රජයට ගෙනත්දීමට රනිල් උත්සහා කරලා

0
836

කොරෝනා වයිරසය චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් මුලින්ම පැතිරීම ඇරැඹුණු ඉකුත් ජනවාරි මාසයේදීම ශ්‍රී ලංකාව වයිරසයට මුහුණ දීම සඳහා අවශ්‍ය කොරෝනා පරීක්ෂණ උපකරණ මුඛ ආවණ සහ ශල්‍ය ඇදන් ආදිය ප්‍රමාණවත් පරිදි සපයා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රමවේදයක් සකස් කළද රජය පාර්ශ්වයෙන් ඊට කිසිඳු යහපත් ප්‍රතිචාරක් නොලැබුණු බව ගම්පහ දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන පවසනවා.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය මහ කොමසාරිස්වරයාට කතා කොට මුහුණු ආවරණ ලබා දෙන ලෙසට කළ ඉල්ලීමට ඉන්දීය රජය එකඟතාව පළ කළ නමුත් ශ්‍රී ලංකා රජය පාර්ශවය ඒ අවස්ථාවේදී පැවසූයේ මෙම වයිරසයෙන් ගැලවීම සඳහා මුහුණු ආවරණ අවශ්‍ය නොවන බව යැයිද කාවින්ද ජයවර්ධන නැවත මතක් කර සිටි.

ඒ අනුව කලින් සුදානම් වී නවතාගන්නට තිබු වෛරසය මෙරට දැන් පැතිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් බාරගත යුතු යැයිද වෛද්‍ය කාවින්ද ජයර්ධන පවසයි.

කොරෝනා වෛරසය පැතිරයාම ආරම්භයත් සමගම දකුණු කොරියාව,ජර්මනිය වැනි රටවල් සියලු වෛද්‍ය උපකරණ සූදානම් කරගැනීමට සමත් වූ හෙයින් ඉහත රටවල එය පාලනය කරගැනීමට හැකිවි ඇතියි ඔහු පවසනවා.

දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට වයිරසය පැමිණි එකම මාර්ගය වන්නේ ගුවන්තොටුපොළ යැයිද මෙරටට එන ගුවන් මගීන් ගුවන්තොටුපොළේදී නියමාකාර පරීක්ෂණයකට ලක් නොකිරීමේ වගකීම ගන්නේ කවරෙක්දැයි වෛද්‍ය කාවින්ද ජයවර්ධන වැඩි දුරටත් ප්‍රශ්න කරයි.

මහමැතිවරණය කඩිනමින් පවත්වන්නේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දෙන උපදෙස් අකුරටම පිළිපැද කොරෝනා වලින් රට සම්පූර්ණයෙන්ම මුදාගත යුතුයැයි එක්සත් ජාතික පක්ෂය කියයි.

දේශපාලන උඩගුකම් පෙන්වමින් සමහර දේශපාලකයින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම ඉදිරියේ වසංගතය රටපුරා පැතිරයාමට හේතු වෙතියිද එක්සත් ජාතික පක්ෂය තවදුරටත් කියා සිටියි

ඒ අනුව කලින් සුදානම් නොවීම මත මහමැතිවරණය නියමිත දිනට පැවැත්විමට තිබු අවස්ථාව නැති කරගත්තේද රජය විසින්ම යැයිද එක්සත් ජාතික පක්ෂය තවදුරටත් කියා සිටියි

LEAVE A REPLY