ඉතා ඉක්මනින් කැබිනට් සංශෝධනයක කසුකුසුවක් සෞඛ්‍ය ඇමැතිකමත් පවිත්‍රාගෙන් සීතාට යන ලකුණු

0
1566

ඉදිරි සතියක පමණ කාලය තුළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව ආණ්ඩුවේ සමීප දේශපාලන ආරංචිමාර්ග පවසයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් අනතුරුව නව තත්වය යටතේ ජනාධිපතිවරයා සිය නව දේශපාලන ගමන ඒ ආකාරයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙහිදී දැනට කැබිනට් සහ රාජ්‍ය ඇමති ධුර දරණ 15 දෙනෙකුගේ පමණ තනතුරුවල වෙනසක් සිදුවනු ඇති බවත් වාර්තා විය.

ඒ අතර සෞඛ්‍ය අමාත්‍යංශය ද ඇති අතර නව අමාත්‍යවරිය ලෙස සීතා අරඹේපොල පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

infosrilanka

LEAVE A REPLY