අවුරුදු 21 තරුණ ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ප්‍රථම ශතකය ලබාගයි

0
370

කොදෙව් කණ්ඩායමේ අරාධනයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර එහිදී කලකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නම් නාමය පෙන්වමින් ලකුණු 300 පසු කල අතර ලකුණු 338/6 ලබා ගත්තා. හොද ආරම්භ්යක්ද ලබා ගත්තා. පළමු කඩුල්ලට ලකුණු 93 ක සම්බන්ධයක් තැබූ අතර දිමුත් 32 ට දැවී ගියා. 104 දී කුසල් ජනිත්ද 64 ට දැවී ගියා. එහෙත් නැවත කුසල් මෙන්ඩිස් සමග එකතුවූ යොවුන් ක්‍රීඩක අවිශ්ක හොද ඉවසීමකින් ඉනිම ගොඩනගනු දුටුවා.

ජාතන්තර විචාරකයන් පවා පුදුමයට පත්ව සිටින අවිශ්ක නම් යොවුන් ක්‍රීඩකයා පිළිබද අනාගත බලාපොරොත්තු තබාගත හැකි බවයි ඔවුන් නිතර පැවසුවේ. කෙසේ වෙතත් කුසල් හා අවිශ්ක හොදින් සම්බන්ධය පැවැත්වූ අතර කුසල් මෙන්ඩිස් 39 ට දැවී ගියා. අද ලංකාවේ දුටු සාර්ථකම කාරණය වුයේ අවිශ්ක ප්‍රනාන්දු වටා අනෙක් සියලු ක්‍රීඩකයෝ ලකුණු රැස් කිරීමයි. ඇන්ජලෝ ලකුණු 26 යි.

කෙසේ වෙතත් අවිශ්ක ප්‍රනාන්දු තම මංගල ශතකය ලබා ගත් අතර ඔහු පන්දු 103 දී ලකුණු 104 යි. එයට හයේ පහර 2 සහා හතර පහර 9 ලබා ගත්තා. අවිශ්ක මුහුණ දුන්නේ තමාගේ 9 වන තරගයට වන අතර ඔහු මිට පෙර ලබාගෙන තිබුනේ එක අර්ධ ශතකයක් පමණයි. එහෙත් එංගලන්ත තරගයේදී ලබාගත් ලකුණු 49 වගේම දකුණු අප්‍රිකා තරගයේද ලබා ගත ලකුණු තිස් ගණන ගැනද ජාත්‍යන්තරය ඉතා ඉහලින් කතා කළා.

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති වීමට නියමිත ලෝක පුජිත කුමා සංගක්කාර පවසා සිටියේ කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරුවන්ගේ සන්නම් නාමය අවිශ්ක ඇතුළු පිරිස පෙන්වූ බවයි. මොවුන්ට හැකියාවේ ප්‍රශ්න නැති බවත් ධනාත්මක ක්‍රිකට් ක්‍රීඩා කලයුතු බවත් අවිශ්ක වැනි ක්‍රීඩකයන් සිටීම අනාගතය පිළිබද සුභ ලකුණක් බවත් ඔහු පවසා සිටියා.

කෙසේ වෙතත් අද කණ්ඩායමෙන් තිසර පෙරේරා ඉවත් කර ඇති අතර ඔහු මේ තරගාවලියේ කැපිපෙනෙන ලකුණු හෝ කඩුලු ලබා නැ.එනිසා ඒ වෙනුවට තිරිමාන්න යොදා තිබු අතර ඔහු මැද පෙළ පිතිකරුවකු ලෙස හොද සහයක් අවිෂ්කට ලබා දුන් අතර ඔහු පන්දු 33 කදී ලකුණු 45 නොදැවී ලබා ගත්තා. එසේම ශ්‍රී ලංකාව ලබාගත වැඩිම ලකුණ මෙවර ලෝක කුසලානයේ මෙය වන අතර ලාංකික ක්‍රීඩකයකු ලබා ගත් පළමු ශතකයද අවිෂ්කගේ ශතකය වනවා.

LEAVE A REPLY