අයිසිසියේ සභාපති ලංකාවට පැමිණෙයි. සභාපති ඇමති සමග අගමැතිත් හමුවෙයි

0
163

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහාර් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් (23) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජ්, විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා යන යන අය ඇතුළු පිරිසක් එක්ව සිටියා.

අයිසිසිය විසින් දුෂණ මර්ධන කාර්යාලයක් නේවාසිකව පිහිටා ඇති ලෝකයේ එකම රට වන්නේද ලංකාව වන අතර ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සිම්බාබ්වේ තරම් අවධානමක පසුගිය කාලයේ තිබු අතර එය තරමක් පහව යමින් තිබෙන අවස්තාවක සභාපතිවරයා ලංකාවට පැමිණීම විශේෂත්වයක්.

සුදු ක්‍රීඩාවේ නිරතව වන්නන් ඇතුළු පිරිසකට ක්‍රිකට් වලට සම්බන්ධ වීමට නොහැකි වන ලෙස පසුගියදා ගැසට් පත්‍රයක් නිකුත් වූ අතර ඒ වෙනුවෙන් විරෝධයක් පාමින් හිටපු සභාපති වර්තමාන විධායක කමිටු සාමාජික ජනාධිපත්ගේ ක්‍රිකට් විෂය පිළිබද උපදේශක තිලංග සුමතිපාල මාධ්‍ය සාකච්චාවක් ද පැවැත්වුවා.

LEAVE A REPLY