අයිඑස් නායකයා යන මහා ත්‍රස්තවාදියා අබු බකර් 2014 න් පසු ප්‍රථම වරට ශ්‍රී ලංකා ප්‍රහාරය එල්ල කලේ සිරියාවේ පරාජයකට පලියක් ලෙස බව පවසමින් එලියට

0
277

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ එල්ල කරන ලද ප්‍රහාරයන් සිය අවසන් බල කඳවුර වූ බගූස් බිඳ වැටීමේ පළිගැනීමක් බව ISIS නායක අබු බකර් අල්-බග්දාදි පවසයි.සිරියාව සහ ඉරාකයේ කොටසක් එකතු කරමින් නිර්මාණය කළ ඉස්ලාම් රාජ්‍යයේ මොසුල් නගරයේ සිට තම සිහින රාජ්‍ය වෙනුවෙන් මුල් පියවර තැබූ බග්දාදි 2014 වසරින් පසුව යළිත් ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටීමද විශේෂත්වයකි.

එහිදී ඔහු පවසන්නේ ඉස්ලාම් රාජ්‍ය බිඳ වැටීමේ පළිය ගැනීම තම අරමුණ බව යැයි රොයිටර් පුවත් සේවය පවසයි.මෙම වීඩියෝවෙන් පසුව ඔහුගේ රුව නොමැතිව හඬ පටයක් පමණක් පවතින අතර එහිදීද ඔහු ශ්‍රී ලංකා ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරයි.

අවාද් ඊබ්‍රාහීම් අල්-බද්‍රි ඔහුගේ සැබෑ නම වන අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඔහුගේ හඬ පටයක් අවසන් වරට නිකුත් විය.එමෙන්ම ඔහු ප්‍රහාරයන්ගෙන් මියගිය බව කිහිප වරක්ම ඇමෙරිකාව පවසා සිටියත් ඔහු වරින් වර හඬ තුළින් පමණක් මතුව තමා තවදුරටත් ජීවත්ව සිටින බව සනාථ කළේය.

කෙසේ වෙතත් මෙම වීඩියෝව කවර දිනක පටිගත කරන ලද්දක් දැයි පැහැදිලි කර නැතත් එය අප්‍රේල් මාසයේදී නිකුත් කෙරුණු එකක් බවත් එය වඩාත් තහවුරු කරගැනීමට ඇමෙරිකානු බුද්ධි අංශ ක්‍රියාකරමින් සිටින බවත් සී.එන්.එන්. පුවත් සේවය පවසයි.

මෙම වීඩියෝ පටය එම ත්‍රස්ත සංවිධානයේ අල්-ෆුර්ඛාන් මාධ්‍ය ජාලය හරහා නිකුත් කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. එසේම ඇමරිකාව හා රුසියාව යන පාර්ශව දෙකම කලින් පවසා සිටියේ මොහු ඔවුන් විසින් මරා දැමුණු බවයි. එහෙත් ඔහු තවමත් ජීවත්ව සිටින බව තහවුරු වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

LEAVE A REPLY